මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකුවක් වන නේෂන්ස් ට්‍රස්ට් සමාගම බරපතල මූල්‍ය අර්බුදයකට පත්වෙමින් ඇතැයි වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට සමාගම විසින් නිසි සුපරීක්ෂණයකින් තොරව නිකුත් කර ඇති ක්‍රෙඩිට් කාඩ් (ණයපත්) හරහා ඇතිවී තිබෙන විශාල මූල්‍යමය අර්බුදයක් නිසා මෙම තත්වය උද්ගත වී ඇත.
ඇතිවී තිබෙන මෙම අර්බුදය ගැන සංවේදී වූ මෝටර් රථ අලෙවි ක්ෂේත්‍රයේ, වැවිලි සහ හෝටල් ක්ෂේත්‍රයේ මහා පරිමාණ ව්‍යාපාරික ආයතන 12 ක් පසුගිය 08 වනදා වන විට නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙන් තැන්පතු ඉවත්කරගෙන ඇති බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
වාර්තා වන ආකාරයට එම බැංකුවේ කළමනාකරුවන් විසින් පෞද්ගලික හිතවත්කම් මත නිසි ඇපකර සහ ආරක්ෂණයන්ගෙන් තොරව පසුගිය සමයේ විශාල වශයෙන් ක්‍රෙඩිට් ලීසිං සහ පෞද්ගලික ණය නිකුත් කර ඇති අතර එම ණය නැවත අයකර ගැනීමේ ක්‍රියාවලිය අර්බුදයට ලක්ව තිබීම බැංකුවේ මුල්‍ය අස්ථාවරත්වයට හේතුවී ඇත.
එසේම මේ වන විට නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ණය නැවත අයකර ගැනීමේ අංශය විසින් පාරිභෝගිකයින්ට පරුෂ වචනයෙන් පවා බැණ වදිමින් ණය ආපසු අයකර ගැනීමට කටයුතු කරමින් ඇති බවද දැනගන්නට ඇත.
මුල්‍ය වෙළඳපොල ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට වාණිජ බැංකු වල මූල්‍ය විනය නියාමනය කිරීමේ වගකීම මහ බැංකුව සතු වන නමුත් මේ වන තුරුත් මහ බැංකුව නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සම්බන්ධයෙන් වගකීම් සහගතව කටයුතු කර නොමැත. එසේම එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ඉතා ඉක්මනින්ම ශ්‍රී ලංකා මහ බැංකුව නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ අර්බුදයට මැදිහත් නොවූහොත් සක්විති රණසිංහ, ගෝල්ඩන්කී සහ ප්‍රමුඛ බැංකුවේ තැන්පතුකරුවන්ට අත්වූ ඉරණම නේෂන් ට්‍රස්ට් බැංකුවේ තැම්පත්කරුවන්ටද අත්වීමේ අවධානමක් ඇති බවය.

