ආගමික සිද්ධස්ථාන සහ ප්‍රධාන හෝටල් කිහිපයක් ඉලක්ක කරගනිමින් එල්ල කෙරුණු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ අවසන් වූ පසු ඊට වගකිව යුකු පුද්ගලයන් අනාවරණය කරන බවත් ඔවුන් කුමන තරාතිරමකට අයත් වුවද දැඩි දඬුවම් ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කොළඹදී අද(21) පැවසීය.
කොළඹ අරලිය මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.
වැරදිකරුවන්ට උපරිම නීති ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය බලතල ආරක්ෂක අංශවලට ලබාදෙන බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එසේම ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් ජනපති සමඟ තමා විශේෂ සාකච්ඡාවක් කළ බව කී අග්‍රාමාත්‍යවරයා එම සාකච්ඡාවට ජනාධිපති ලේකම්, නීතිපති, මුදල් අමාත්‍යංශයේ ලේකම්, ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම් ඇතුළු නිලධාරීන් සහභාගී වූ බවද සඳහන් කළේය.
මේ මොහොතේ නීතිය ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන් මෙන්ම පොලිස්පති වෙතත් අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙන බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය. මෙම අර්බුදකාරී අවස්ථාවේදී ශ්‍රී ලාංකිකයන් ලෙස ඉවසීමෙන් කටයුතු කළ යුතුව ඇතැයි කී අග්‍රාමාත්‍යවරයා පොලිස් පරීක්ෂණ අවසන් වූ සැණින් සිද්ධියේ සුළමුල සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට කටයුතු කරන බවද පැවසීය.

