කළබල නොවී සාමකාමීව ආරක්ෂාව ගැන අවධානය යොමුකරන්න - දිවැසිවරු

කළබල නොවී සාමකාමීව ආරක්ෂාව ගැන අවධානය යොමුකරන්න - දිවැසිවරු

කොච්චිකඩේ, කටුවපිටිය සහ මඩකලපුවේ දේවස්ථානයන් ඇතිවී තිබෙන බොම්බ පිපිරිම සම්බන්ධව තම සංවිධානයේ බලවත් ශෝකය පල කරණ බවත්, කතෝලිකයන් ක්‍රිස්තුන් වහන්සේගේ උත්ථානය සමරණ අද වැනි දිනක සිදුකරන ලද මෙම ක්‍රියාව අතිශය අමානුෂික හා කුරිරු එකක් වන අතර මෙම මෙලෙච්ච ක්‍රියාව සම්බන්ධව කලබල නොවී සාමකාමීව ඉවසීමෙන් කටයුතු කරණ ලෙස "දිවැසිවරු" ගිහි කතෝලික සංවිධානය කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටියි.

නිවේදනයක් නිකුත්කරමින් එම සංවිධානය මේ බව සදහන් කරන අතර උත්ථාන වූ කිතු සමිදුන්ගේ "සාමය" වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම රැකීමට කටයුතු කරණ ලෙසත් එම සංවිධානය සිය නිවේදනය හරහා අවධාරණය කර සිටියි.

බුද්ධි අංශ සදහන් කරණ පරිදි ඉදිරියේදී තවත් මෙවැනිම ප්‍රහාරයන් එල්ල වීමට ඉඩ කඩ ඇති බැවින් ඒ සම්බන්ධව අවධානයෙන් සිටින ලෙසත්. සියලුම දේවස්ථානවලට ඇතුල්වන නාදුනන පුද්ගලයින් සම්බන්දව අවධානයෙන් සිටින ලෙසත් දිවැසිවරු සංවිධානය සියළුම කතෝලිකයින්ගෙන් ඉල්ලා සිටි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න