ජල සැපයුමේ වස නෑ : අසත්‍ය පතුරවන්නන් ගැන බුද්ධි අංශ අවධානයෙන් !

ජල සැපයුමේ වස නෑ : අසත්‍ය පතුරවන්නන් ගැන බුද්ධි අංශ අවධානයෙන් !

පානීය ජලය සපයන පොදු ස්ථාන කිහිපයකට වස මිශ්‍ර කර ඇති බවට පළවන කටකතා අසත්‍යක් බව ආරක්ෂක අංශ සඳහන් කරයි.

ජන ජීවිතයට බලපාන සහ ජනතාවගේ මූලික අත්‍යාවශ්‍ය සේවා සපයන සියලු ස්ථාන වෙත නියමිත පරිදි ආරක්ෂාව සපයා ඇති බවත් එම ආරංචිමාර්ග පෙන්වා දෙයි.

ඒ අනුව ආරක්ෂක අංශ සඳහන් කර සිටින්නේ ජනතාව අසත්‍ය ප්‍රචාර වලට හසුව අනවශ්‍ය කැළඹිලි ඇති නොකරගත යුතු බවය. එසේම අසත්‍ය පුවත් පතුරවන්නන් සම්බන්ධව බුද්ධි අංශ අවධානයෙන් සිටින බවත් ඔවුන් සඳහන් කරයි.

මේ අතර පානීය ජලය සපයන පොදු ස්ථාන කිහිපයකට වස මිශ්‍ර කර ඇති බවට පළවන පුවත් අසත්‍ය බව දක්වමින් පොලිස් මුලාස්ථානය නිකුත්කළ නිවේදනයක් පහත දැක්වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න