දිවයිනේ ස්ථාන කිහිපයක දී සිදු වූ පිපිරීම් සිද්ධි මාලාව පිළිබඳ සොයා බැලීමට ජනාධිපති සිරිසේන විසින් විශේෂ ති‍්‍රපුද්ගල පරික්ෂණ මණ්ඩලයක් පත් කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, හිටපු අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න සහ හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් ගෙන් එම විශේෂ ති‍්‍රපුද්ගල පරික්ෂණ මණ්ඩලය සමන්විතය.
අහිංසක ජීවිත විශාල ගණනක් විනාශ කරමින් සිදු වූ මෙම බරපතළ ජාතික ඛේදවාචකයට මුල් වූ කරුණු සහ එහි පසුබිම මෙන්ම අදාළ සිදුවීම සම්බන්ධයෙන් වූ වෙනත් සාධක පිළිබඳව කරුණු සොයා බලා සති දෙකක් ඇතුළත වාර්තා කිරීමට මෙම විශේෂ ති‍්‍රපුද්ගල පරික්ෂණ මණ්ඩලයට ජනාධිපති උපදෙස් දී ඇත.
කලින් තොරතුරු ලැබුණත් වලක්වා ගන්න බැරි වුණා - රාජිත
මේ අතර අද (22) මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කර සිටියේ අදාළ ප්‍රහාරය පිළිබඳව කලින් තොරතුරු තිබුණත් එය වළක්වා ගැනීමට නොහැකිවුනු බවය.
නමුත් අමාත්‍ය මණ්ඩලයට මේ සම්බන්ධව තොරතුරු ලැබුණ අවස්ථාවේදී එය වළක්වා ගැනීම වෙනුවෙන් උපරිම ක්‍රියාමාර්ග ගත් බවද ඔහු පවසයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, "අප්‍රේල් 04 දා ජාත්‍යන්තරය විසින් මේ පිළිබඳව ලංකාවට දැනුම් දී තිබුණා. සංචාරක ආකාර්ශණීය ස්ථාන, පල්ලි මෙහි ගොඳුරු බවට නම්කර තිබුණා. පොලිස්පතිවරයාට මේ නම් පවා දැනුම් දී තිබුණා" යැයිද පැවසීය.

