මංගල, 'බුර්කාව' ඉවත් කිරීමට සහය ඉල්ලයි

මංගල, 'බුර්කාව' ඉවත් කිරීමට සහය ඉල්ලයි

ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක මුස්ලිම් අන්තවාදයට එරෙහිව ප්‍රසිද්ධියේ මැදිහත්වන්නැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ආණ්ඩුවේ මුස්ලිම් ජාතික අමාත්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කල බව ජ්‍යෙෂ්ඨ ඇමතිවරයකු 'නිව්ස් ටියුබ්' වෙත පැවසිය. ඒ අද (22) දින පැවති එජාප අමාත්‍යවරුන්ගේ හමුවේදීය.

තමා ජිවිතයේ කිසිඳු අවස්ථාවක ජාතිවාදයට හෝ ආගම් වාදයට කිසිඳු ආකාරයකින් ගෑවී නැතිබව එහිදී පැවසු මංගල සමරවීර මහතා, තමා සියලු ආකාරයේ අන්ත වාදයන්ට එරෙහි බවත් සිංහල අන්තවාදයට එරෙහිව ප්‍රසිද්ධියේම පෙනිසිට ඇතිබවත් සිහිපත් කරමින් එම ඉල්ලීම සිදුකල බව ද හෙතෙම සඳහන් කළේය.

මුස්ලිම් කාන්තාවන් පළඳින බුර්කාව වැනි ඇඳුම් පැළදුම් අනෙකුන් ජන කොටස්වලින් වෙන්වීමට හා සැකයට භාජනය වී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, එවැනි ඇඳුම් වලට එරෙහිව මුස්ලිම් ජන කොටස් අතර විරෝධයක් මතු කරන්නැයි ද මුස්ලිම් අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටි බව වැඩිදුරටත් කියා සිටියේය.

එම රැස්වීමට සහභාගිව සිටි කබීර් හෂීම් සහ රිෂාඩ් බද්දුර්දින් වැනි අමාත්‍යවරුන් මංගල සමරවීර අමාත්‍යවරයාගේ යෝජනාව කෙරෙහි යහපත් ප්‍රතිචාරයක් දැක්වූ බවද අප වෙත තොරතු ලබාදුන් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

බලය ඩැහැ ගැනීමේ උත්සාහයක් !

 ජාතිවාදය හා ආගම් වාදය උසුගන්වා බලය ඩැහැ ගැනීමට රාජපක්ෂවරුන් දරන උත්සාහය මෙහිදී පැහැදිලි කර ඇති ඇමතිවරයා ඊයේ (21) සිදුවූ පිපිරීම් මාලාවට එවැනි පිරිස්වල සහයක් අනිවාර්යයෙන්ම තිබෙන බව තමන්ගේ විශ්වාසය බවත්, මුස්ලිම් අන්තවාදී පිරිස් ඒ සඳහා 'බළල් අතක්' කරගෙන ඇද්දැයි සාධාරණ සැකයක් මතුවන බවත් පවසා ඇත.

මෙවැනි තත්වයක් තුල සාමකාමී ශ්‍රී ලංකාවක් අගයන සියලු මුස්ලිම් ජනයා, මුස්ලිම් අන්තවාදයට එරෙහිව පෙරට ආ යුතු බව පවසා ඇති මුදල් අමාත්‍යවරයා, වෙනත් රටවල මෙන් මෙවැනි අන්තවාදීන් සම්බන්ධයෙන් සෝදිසියෙන් සිටීමේ වැදගත් කමද අවධාරණය කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න