රට පුරා ඇදිරි නීතිය එපා : මහින්දගෙන් උපදෙස් !

රට පුරා ඇදිරි නීතිය එපා : මහින්දගෙන් උපදෙස් !

ඇඳිරි නීතිය පැනවීමේදී රටපුරා ඇදිරි නීතිය පැනවීමෙන් සාමාන්‍ය ජන ජීවිතය අවුල් වන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අගමැති රනිල් වික්‍රමසිංහට පවසා ඇති බව වාර්තා වෙයි.

ඇදිරි නීතිය දැමීමට අවශ්‍ය ප්‍රදේශයන්හි පමණක් තෝරා බේරා ගෙන අවශ්‍ය තැනට පමණක් එය පැනවීමෙන් සාමාන්‍ය ජන ජීවිතය අවුල් නොවන බවද ඔහු එහිදී සදහන් කර ඇත.

අගමැතිවරයා, විපක්ෂ නායකවරයා, ආර් සම්බන්ධන් මහතා සහ ආරක්ෂක ප්‍රධානීන් කිහිප දෙනෙකු සමග පැවති විශේෂ සාකච්ඡාවේදී විපක්ෂ නායකයා මේ බව පවසා තිබේ.

ඔය උපදෙස් ටික ජනාධිපති සිරිසේනට දෙන්න

අදාල සාකච්ඡාව සම්බන්ධව අප කළ විමසීමකදී ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකු සදහන් කර සිටියේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ එම උපදෙස් ජනාධිපති සිරිසේනට ලබාදිය යුතු බවය.

එසේම රටටම බලපැවැත්වෙන ආකාරයකට පොලිස් ඇදිරි නීතිය පනවා ඇත්තේ ආරක්ෂක අංශ උපදෙස් අනුව බවත් ත්‍රස්තවාදී ප්‍රහාරයක් යන්න රටේ කුමන ස්ථානයක් ඉලක්ක කර සිදුවේද යන්න පූර්ව උපකල්පනයක් කිරීමට නොහැකි බවත් ඔහු පැවසීය.

එසේම රටේ ජාතිවාදී කෝලාහලයක් ඇතිවීමට ඉඩ ඇති බවත් පසුගිය සමය පුරා ජාතිවාදී අදහස් සමාජයේ වැපිරූ රාජපක්ෂගේ දේශපාලන උපදෙස් එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවට අනවශ්‍ය බවත් ඔහු සදහන් කරයි.

තවද පසුගිය සමයේ ජනාධිපති සිරිසේන විසින් ආරක්ෂක කවුන්සලයේ කටයුතු සදහා අග්‍රාමාත්‍යවරයා සහභාගී කරනොගත් බවත් ප්‍රහාරය එල්ලවු දිනයේ පවා ජනාධිපති ලංකාවේ නොසිටියත් නියමිත වේලාවට ආරක්ෂක කවුන්සලය කැදවීමට අග්‍රාමාත්‍යවරයාට අවස්ථාව නොදී ඇති බව තහවුරුව ඇති බවත් ඔහු සදහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න