බුද්ධි තොරතුරු වෙලාවට ලැබිලා - ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් පිළිගනියි !

බුද්ධි තොරතුරු වෙලාවට ලැබිලා - ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් පිළිගනියි !

ස්ථාන කිහිපයක පහරදීම් සිදු වනු ඇතැයි කලින් තොරතුරු වාර්තා වූ නමුත් මේ ආකාරයේ බරපතළ පරිමාණයේ ප්‍රහාරය එල්ල වනු ඇතැයි නොසිතූ බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු පවසයි.

ඔහු මේ බව කියා සිටි බෝම්බ ප‍්‍රහාරයකට ලක් වූ කොටහේන කොච්චිකඩේ කතෝලික දේවස්ථානයට පැමිණ නිරීක්ෂණ කටයුතු කරමින් සිටියදී විදේශීය මාධ්‍යවේදියකු කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු ලෙසයි.

හෝටල් යනු ව්‍යාපාරයක් බවත් ඒවායින් ලාභ උපයන ඔවුන් එහි ආරක්ෂාව ද සපයා ගත යුතු බවත් පැවසූ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා රාජ්‍ය හමුදා පොලිසියේ යොදා ඒවා ආරක්ෂා කර දී නැති බවද ඉදිරියේදී ද එසේ නොකරන බවත් කියා සිටියේය.

කතෝලික පල්ලි සඳහා ආරක්ෂාවක් නොදුන්නේ මන්දැයි විදෙස් මාධ්‍යවේදියා විමසූ විට ඔහු කියා සිටියේ රට පුරා ඇති පල්ලි විශාල ප්‍රමාණයකට ආරක්ෂාව දීම ගැටලුකාරී බවයි.

කෙසේ වෙතත් මෙතරම් විශාල ප්‍රහාරයක් බලාපොරොත්තු නොවූ බවද ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා අවධාරණය කරමින් කියා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න