බොරු ෂෝ දැම්ම 13ක් හිරේ !

බොරු ෂෝ දැම්ම 13ක් හිරේ !

අයුතු ජන රාශිය සහ කිසියම් පීඩාවට පත්වන පරිදි කළහකාරී ලෙස හැසිරීම සහ ඒ වෙනුවෙන් ප්‍රජාව මෙහෙයවීම දඩුවම් ලැබිය හැකි වරදක් බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ අනුව මේ වන විටත් අයුතු ජනරාශියක සාමාජිකයන් වෙමින් අන්‍යාගමිකයන් රිදවීමේ අරමුණින් විවිධ ප්‍රකාශ සිදුකර රථවාහන නීති උල්ලංඝණය කරමින් අනුරාධපුර නගරයේ කළහකාරි ලෙස හැසිරුණු පුද්ගලයන් 13 දෙනෙකු අප්‍රේල් 30 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ ඊයේ (23) නියම කළේය.

රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන මෙහෙයවා ඒවායේ ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර මුලස්ථාන ප්‍රධාන පරීක්ෂක සංජීව මහානාම වෙතද නියම කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න