Language Switcher

V2025

ත්‍රස්තවාදය පරාජය කිරීමට : ලංකාවට ශක්තිය දෙන්න ලෝක නායකයන් සූදානම්

ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක පසුගිය 21 වැනිදා සිදුවූ බෝම්බ පිපිරවීම් හෙළා දකිමින් විදෙස් නායකයින් රැසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත සිය කණගාටුව පළ කරමින් ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදෙන බව ප්‍රකාශ කර තිබෙන බව අග්‍රාමාත්‍ය කාර්‍යාලය පවසයි.

අග්‍රාමාත්‍ය කාර්‍යාලය ඊයේ (23) නිකුත්කල නිවේදනයේ මේ බව දැක්වෙන අතර එහි වැඩිදුරටත් මෙසේද සදහන් වෙයි.

විදෙස් නායකයන් රැසක් අගමැති අමතයි !

පසුගිය 22 වැනිදා දුරකථනය ඔස්සේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අමතමින් ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පිඕ (Hon. Mike Pompeo) සහ සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී හසෙයින් ලූන්ග් (Hon. Lee Hsien Loong) යන මහත්වරුන් එම ප්‍රහාර පිළිබඳව සිය ශෝකය පළ කර තිබේ.

එමෙන්ම මාලදිවයින් ජනාධිපති ඉබ්‍රහිම් මොහොමඩ් සෝලි (Hon. Ibrahim Mohamed Solih), ඔහුගේ විශේෂ නියෝජිතයෙකු ලෙස එරට විදේශ අමාත්‍ය අහමඩ් කලීල් (Hon. Ahmad Kaleel) මෙරටට එවන ලදී. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, නේපාල අග්‍රාමාත්‍ය කද්ගා ප්‍රසාත් ඕලි, පකිස්තාන අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් එරට විදේශ අමාත්‍ය ෂා මෙහෙමුද් කුරේෂි (Hon. Shah Mehmood Qureshi) සහ ඉන්දීය හිටපු ජනාධිපති ප්‍රනාබ් මුකර්ජී (Hon. Pranabh Mukherjee) යන මහත්වරු ද පසුගිය 21 වනදා දුරකථනය ඔස්සේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අමතමින් ශෝකය පළ කර තිබේ.

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් (Hon. Scott Morrison), චීන අග්‍රාමාත්‍ය ලී ක චියැන් (Hon. Li Keqiang), ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ (Hon. Shinzo Abe), ස්වීඩන් අග්‍රාමාත්‍ය ස්ටෙෆාන් ලොෆ්වැන් (Hon. Stefan Lofven) සහ රුසියානු අග්‍රාමාත්‍ය දිමිත්‍රි මෙද්වෙදෙව් (Hon. Dmitry Medvedev) යන මහත්වරු ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත දන්වා ඇත්තේ ශ්‍රී ලංකාව සඳහා පූර්ණ සහය ලබා දීමට තමන් සූදානම් බවයි.

පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේ සිදු වූ බිහිසුණු සහ සාහසික ප්‍රහාර මාලාව පිළිබද සිය සංවේගය පළ කරන බව සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී හසීන් ලූන්ග් (Hon. Lee Hsien Loong) , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ශෝක පණිවුඩයක් නිකුත් කරමින් පවසා සිටී.

අහිංසක ජනතාව ඉලක්ක කරගනිමින් සිදු කරන මෙවැනි ප්‍රහාර සිංගප්පූරුව පැහැදිළිවම හෙළා දකින බවද හෙතෙම සදහන් කරයි. සාමය හා ස්ථාවරත්වය වෙනුවෙන් ශ්‍රි ලංකාව සමග එකට එක්ව සිටින බව පවසන සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා එක්සත්ව, ශක්තිමත්ව නැගී සිටීමට ශ්‍රි ලංකා නායතක්වයට හැකි බව තමාට විශ්වාස යැයි වැඩිදුරටත් පැවසීය.

වැරැදිකරුවන්ට නීතියෙන් දඩුවම් දෙන්න !

මනුෂ්‍යත්වයට එරෙහි කුරිරැ ප්‍රහාර දැඩි ලෙස හෙළා දකිමින් නේපාල අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා ඕලි (Hon. K.P. Sharma Oli) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ශෝකය පළ කර තිබේ. මෙම ක්‍රියාව පසුපස සිටින වැරදිකරුවන්ට ඉක්මනින් නිසි දඩුවම් ලබා දිය යුතු බව තරයේ විශ්වාස කරන බව පවසන හෙතෙම ශ්‍රි ලංකා රජයට හා විපතට පත් ජනතාවට සිය කණගාටුව පළ කරන බවත් මෙම අවස්ථාවේ මිත්‍රශීලී ශ්‍රි ලාංකික ජනතාව සමග එකට එක්ව සිටින බවත් වැඩිදුරටත් සදහන් කරයි.

ශ්‍රී ලංකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින අතර ශ්‍රී ලාංකීය ජනතාව සහ රජය වෙත සිය ශෝකය පළ කරන බව ඉන්දීය ජනාධිපති රාම් නාද් කෝවින් නිකුත් කළ පණිවුඩයේ දැක්වේ. අහිංසක සිවිල් වැසියන් ඉලක්ක කර ගෙන සිදු කරන මෙවැනි ප්‍රහාරවලට සිවිල් සමාජයේ කිසිඳු ඉඩක් නොමැති බවත්, ශ්‍රී ලංකාව සමඟ පූර්ණ සහයෝගීතාවයෙන් කටයුතු කරන බවත් ඒ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත අවධාරණය කර ඇත.

ශ්‍රී ලංකාවේ සිදුවූ කුරිරු ප්‍රහාරය පිළිබඳව අඛණ්ඩව අවධානය යොමු කරමින් සිටින බවත්, ශ්‍රී ලංකාවට අවශ්‍ය සියලූ සහාය ලබාදීමට ඉන්දියාව කටයුතු කරන බවත් ඉන්දීය විදේශ කටයුතු ඇමැතිනී සුෂ්මා ස්වරාජ් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හතා වෙත යොමු කළ පණිවුඩය මගින් දැනුම් දී ඇත.

ශ්‍රී ලංකාවේ සිදුවූ දරුණු ප්‍රහාර මාලාව තරයේ හෙළා දකින බවත්, ඉන්දියාව සියලූම ආකාරයේ ත්‍රස්ත ක්‍රියාවන්ට සෑම විටම විරුද්ධ අතර ත්‍රස්තවාදය ප්‍රතික්ෂේප කරන බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කළ නිවේදනයෙන් පවසා ඇත. ත්‍රස්තවාදයට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව කඩිනම් පියවර ගැනීමට ක්‍රියා කළ යුතු බව පෙන්වා දී ඇති ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය, ඉන්දීය රජය හා ජනතාව සෑම විටම ශ්‍රී ලංකාවේ රජය හා ජනතාව සමග එකට එක්ව සිටින බව ද සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව තුළ සිදු වූ ප්‍රහාර මාලාව ලාංකීය ජීවිත හා දේපළවලට එල්ල වූ ප්‍රහාරයක් නොව, සමස්ථ මානව සංහතියටම එල්ල වූ ප්‍රහාරයක් බව ඉන්දීය හිටපු ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ශෝක පණිවුඩයක් නිකුත් කරමින් පවසා සිටියි.

ප්‍රශ්නයට මුහුණදෙන්න ලංකාවට පුලුවන් !

ශ්‍රී ලාංකිකයන් සමග දීර්ඝ කාලීනව පවතින සබඳතාවය හා අත්දැකීම් අනුව, ශ්‍රී ලාංකිකයන්ට මෙම සිද්ධියට සාර්ථකව මුහුණදිය හැකි බව විශ්වාස කරන බව පවසන ප්‍රනාබ් මුකර්ජි මහතා සමස්ථ ඉන්දියානුවන් සැබෑ ලෙසම ශ්‍රී ලාංකිකයන් සමග එක්ව සිටින බව ද අවධාරණය කර ඇත.

මෙම බිහිසුණු ප්‍රහාර පිළිබඳ දැනගැනීමෙන් තමා මහත් කණගාටුවට හා භීතියට පත්වූ බවත්, ප්‍රහාරයට ලක්වූවන්ගේ පවුල් වෙත සිය කණගාටුව ප්‍රකාශ කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත පණිවුඩයක් නිකුත් කරමින් පවසන ඉන්දීය ජාතික කොංග්‍රසයේ සභාපති රාහුල් ගාන්ධි මහතා ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් හට ඉක්මන් සුවය ද ප්‍රාර්ථනා කරයි.

අසල්වැසි ශ්‍රී ලාංකිකයන් සමඟ ඉන්දියාව එකට එක්ව සිටින බවත්, ප්‍රහාරවලට ලක්වූ පවුල් වෙත කනගාටුව පළ කරන බවත් ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ සභාපති අමිත් ෂාන් (Mr. Amit Shah) ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත. මෙම බිහිසුණු ප්‍රහාර පිළිබඳව දැඩි ලෙස කණගාටුව පළ කරන අතර ත්‍රස්තවාදය තරයේ හෙළා දකින බවත් ඔහු සිය පණිවුඩය මගින් සඳහන් කර ඇත.

ශ්‍රි ලංකාවේ එල්ල වූ ප්‍රහාර පිළිබඳව තමා කණගාටුවට හා කම්පනයට පත් වූ බව ඉන්දීයාවේ බටහිර බෙංගාලයේ ප්‍රධාන අමාත්‍ය සහ ට්‍රිනමූල් කොන්ග්‍රස් පක්ෂයේ (Trinamool congress Party) නායක මමතා බනාර්ජි මහතා (Mr. Mamata Banerjee) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පවසා සිටී. සියලූම ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිගත නොහැකි බව පවසන හෙතෙම මෙම සිද්ධියට මුහුණ දුන් සියලූ දෙනාගේ පවුල් වෙත සිය ශෝකය පළ කර සිටී.

ශ්‍රි ලංකාවේ දේවස්ථාන හා හෝටල්වලට එල්ල වූ බෝමිබ ප්‍රහාර පිළිබද ප්‍රවෘත්තියෙන් තමා දැඩි ලෙස කම්පනයට හා ශෝකයට පත් වූ බව ඉන්දීය ජාතික කොංග්‍රසයේ අමාත්‍ය සෂී තාරූර් මහතා (Mr. Sashi Tharoor) සිය ශෝක පණිවුඩය මගින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත දන්වා ඇත. බිහිසුණු ත්‍රස්තවාදයට සීමා මායිම් නැති බව පෙන්වා දෙන ඒ මහතා ප්‍රහාරයට ලක් වූවන්ගේ පවුල් වෙත සිය ශෝකය පළ කරන බව ද කියා සිටී.

ශ්‍රී ලංකාවට එල්ල වූ බරපතළ බෝම්බ ප්‍රහාරවලින් විපතට පත් ජනතාව වෙනුවෙන් කණගාටුව පළ කරන ඉන්දියාවේ චෙන්නායිහි එම්.එස්. ස්වාමීනාදන් පර්යේෂණ පදනමේ සභාපති මහාචාර්ය එම්.එස්. ස්වාමිනාදන් (M.S. Swaminathan Research Foundation) මහතා එම ප්‍රහාරයෙන් විපතටපත් පවුල්වල සාමාජිකයන්ගේ ඉදිරි අධ්‍යයන කටයුතු සඳහා උපකාර කිරීමට කැමැත්තෙන් පසුවන බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කළ පණිවුඩයෙන් සඳහන් කර සිටී.

අහිංසක මිනිස් ජීවිත ඉලක්ක කරගනිමින් සිදුකළ කුරිරු ප්‍රහාර තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකාවේ පිහිටි පලස්තීන තානාපති කාර්යාලය ශෝක පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත දන්වා ඇත. විපතට පත් පවුල් වෙත ශෝකය පළ කරන බවත් තම මිත්‍රශීලී රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව සමග එක්ව සිටින බවත් සිය පණිවුඩයේ සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකිමින් ජාත්‍යන්තර අභ්‍යවකාශ කමිටුව (International Aerospace Committee) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ශෝක පණිවුඩයක් නිකුත් කර තිබේ. ත්‍රස්තවාදය කිසිවෙකුට පිළිගත නොහැකි බවත්, වරදකරුවන් නීතිය හමුවට ගෙන එනු ඇතැයි විශ්වාස කරන බවත් එම පණිවුඩයේ සඳහන් වේ.

මෙවැනි අසිරු අවස්ථාවක ශ්‍රී ලංකාව සමග එක්ව සිටින බවත් සමස්ත ලෝකය ත්‍රස්ත්‍රවාදයට එරෙහිව ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයක් සමගම එකට එක්ව කටයුතු කරන බව ද ජාත්‍යන්තර අභ්‍යවකාශ කමිටුව සිය පණිවුඩයෙන් අවධාරණය කර තිබ