සැකසහිත වෑන් රථයක් සමග 2ක් අත්අඩංගුවේ !

සැකසහිත වෑන් රථයක් සමග 2ක් අත්අඩංගුවේ !

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයේ පිපිරිම් සම්බන්ධයෙන් වරකාපොලදි සැකකරුවෙක් සහ ඔහුට අයත් සුඛපබෝගි වෑන් රථයක් ජංගම සන්නිවේදන උපකරණ 4ක් ඇතුලූ යතුරු පැදියක් වරකාපොල පොලිසිය විසින් ඊයේ ( 23 ) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

වාර්තා වන ආකාරයට බුද්ධි අංශ නිලධාරින් හා වරකාපොල පොලිසිය එක්ව අගුරුවැල්ල පාරේ නිවසක් පරික්ෂාවට ලක් කිරිමෙන් පසුව මෙම අත්අඩංගුවට ගැනිම සිදු කර ඇත.

මේ අතර මාවනැල්ල හෙම්මාතගම ප‍්‍රදේශයේ මඩුල්බෝව පල්ලියක පූජකවරයෙක්ද අද (24) අලූයම බුද්ධි අංශ නිලධාරින් හා පොලිසිය එක්ව සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.

මෙම සැකකරු ද වරකාපොලදි අත්අංඩගුවට ගත් සැකකරු සමග සමීප සම්බන්ධතා පැවැත්වු බවද සඳහන් වන අතර ඔහු ඩුබායි රටේ ආධාර ලබා ගෙන හෙම්මාතගම සහ ලංකාවේ ප‍්‍රදේශ රැසක බඩු බාහිර ආදිය දුප්පත් ජනතාවට බෙදා හදා දෙමින් සමාජ සේවකයෙක් ලෙසද කටයුතු කරමින් සිටි අයෙකි.

වරකාපොල හා මාවනැල්ල, හෙම්මාතගම, කෑගල්ල ප‍්‍රදේශ රැසක මෙ වන විට ආරක්ෂාව තර කර ඇති අතර ස්ථාන රැසක වාහාන පරික්ෂා කිරීමේ මෙහෙයුමක් ද දියත් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න