IS ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ වී කටයුතු කළ ශ්‍රී ලාංකිකයන් පිරිසක් නැවත මෙරටට පැමිණි බව සම්න්ධයෙන් රජය දැනුවත්ව සිටි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
බ්‍රිතාන්‍යයේ ස්කයි නිව්ස් පුවත් සේවයට අදහස් පළ කරමින් අගමැතිවරයා මේ බව සඳහන් කර ඇත.
අග්‍රමාත්‍යවරයා එහිදී පවසා සිටියේ විදෙස් ත්‍රස්ත සංවිධානයක් සමඟ එක්වූ තැනැත්තන් අත්අඩංගුවට ගැනීම සදහා ප්‍රමාණවත් නීති ශ්‍රී ලංකාවේ නොමැති බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීමක් සිදු නොකළ බවය.
එසේම ඔවුන් සිරියාවට ගිය බව හා විදේශීය ත්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධ වූවායැයි දැන සිටි නමුත් විදෙස් රටකට යාම හා විදේශීය අවිගත් නැගිටීමකට එක්වීම ලංකාවේ පවතින නීතියට අනුව වරදක් නොවන බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන්කර තිබේ.
ඉස්ලාමීය රාජ්‍ය (IS) ශ්‍රී ලංකාවේ නීතිය අනුව ත්‍රස්තවාදී කණ්ඩායමක් වන නමුත් විදේශීය ත්‍රස්තවාදී කණ්ඩායම් වලට සම්බන්ධ වී සිටින අය අත්අඩංගුවට ගැනීම සඳහා රටේ නීතියක් නොපවතින බවත් ලංකාවේ ක්‍රියාත්මක ත්‍රස්තවාදී කණ්ඩායම්වලට අයත් අය පමණක් අත්අඩංගුවට ගත හැකි වන බවත් ඔහු ස්කයි නිව්ස් පුවත් සේවයට අදහස් පළ කරමින් වැඩිදුරටත් සඳහන් කර ඇත.
අත්අඩංගුවට ගන්න පුළුවන් - ගෝමින්
කෙසේ වුවත් ත්‍රස්තවාදී සැකකරුවෙකු සාමාන්‍ය නීතිය යටතේ අත්අඩංගුවට ගත හැකි බව අධිනීතීඥ ගෝමින් දයාසිරි පවසයි.
මාධ්‍යවෙත ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කර ඇති අතර ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ හැසිරීම්වලදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ නීතයක් අවශ්‍ය බවත් එහිදී අවධාරණය කර ඇත.
එමෙන්ම ත්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා හදිසි නීතිය අත්‍යාවශ්‍ය නොවන බව ද ඔහු පවසා තිබේ.

