සහරාන් හෂීම් අපේ සංවිධානයේ නෙවෙයි : ජාතික තවුහිත් ජමාද් කියයි !

සහරාන් හෂීම් අපේ සංවිධානයේ නෙවෙයි : ජාතික තවුහිත් ජමාද් කියයි !

සිවිල් ජනතාව සහ ළමුන් ඝාතනය කරන පුද්ගලයින් මුස්ලිම් ප්‍රජාවට අයත් නොවූවන් බව ජාතික තවුහිත් ජමාද් සංවිධානය නායක තවුෆීක් මව්ලවිතුමා පවසයි.

ඊයේ(25) කත්තන්කුඩි මුස්ලිම් දෙවස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ජාතික තවුහිත් ජමාද් සංවිධානය සහරාන් හෂීම් නැමැත්තා විසින් ආරම්භ කළ නමුත් පසුව සහරාන් හෂීම් නැමැත්තා විසින් ශ්‍රී ලංකා රජයට එරෙහිව කටයුතු කිරීම හේතුවෙන් එම සංවිදානයෙන් ඉවත් කළ බව තවුෆීක් මව්ලවිතුමා සඳහන් කළේය.

ජාතික තවුහිත් ජමාද් සංවිධානය 2012 සහරාන් හෂීම් නැමති පුද්ගලයා විසින් ආරම්භ කළ ඇති බවත් ශ්‍රී ලංකා රජයට එරෙහිව කටයුතු කිරීම හේතුවෙන් සහරාන් හෂීම් නැමැත්තා 2017 එම සංවිධානයෙන් ඉවත් කළ බවත් ජාතික තවුහිත් ජමාද් සංවිධානය නායක තවුෆීක් මව්ලවිතුමා සඳහන් කළේය.

ස්ලාම් ධර්මය යනු පැහැදිලි දැක්මක් හා නීති රීති ඇති ආගමක් බවත් ස්ලාම් බැතිමතුන් පසුගිය පාස්කු ඉරිදා දිනයේ දේවස්ථාන හා හෝටල් සංකීර්ණ ආශ්‍රිතව සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවට සම්බන්ධයක් නොමැති බවත් තවුහිත් ජමාද් සංවිධානය නායක තවුෆීක් මව්ලවිතුමා වැඩිදුරටත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න