සෞදි කතුන්ට ඓතිහාසික දිනයක්

සෞදි කතුන්ට ඓතිහාසික දිනයක්

ගතානුගතික සමාජයක ලිංගිකත්වය මත පදනම් වූ දැඩි නීති ලිහිල් කිරීමේ එක් අදියරක් වශයෙන් සිය රටේ කාන්තාවන්ට පාපන්දු තරගයක් නැරඹීම සඳහා සෞදි අරාබිය පළමු වරට අවසර ලබා දී තිබේ.

ජෙඩා නුවර පිහිටි ක්‍රීඩාංගනය සිය පවුලේ සාමාජිකයන් සමග පැමිණ සිටි පාපන්දු රසිකාවියන්ගෙන් පිරී පැවතිණි.

සිකුරාදා (ජනවාරි 12) පැවති තරගය අතරතුර කාන්තාවන් වෙන් කර තැබුණ ද ඔවුන්ගේ සහභාගීත්වය සෞදි අරාබියේ සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කරනු ඇත.

සෞදි අරාබිය නවීකරණය කිරීමේ අරමුණින් සමාජීය ප්‍රතිසංස්කරණ ගණනාවක් ක්‍රියාත්මක වෙමින් පවතී.

පාපන්දු තරගයට පෙරාතුව සිකුරාදා උදෑසන තවත් වෙනසක් පිළිබඳ සුළු සංඥාවක් ලැබිණි. සෞදි අරාබියේ කාන්තා පාරිභෝගිකයන් සඳහාම වෙන් වූ මෝටර් රථ ප්‍රදර්ශනාගාරයක් විවෘත කෙරිණි.

ප්‍රදර්ශනාගාරය තුළ වූ මෝටර් රථ කාන්තා පාරිභෝගිකයන්ගේ පරීක්ෂාවට ලක් වූ අතර කාන්තා රියදුරු තහනම ඉවත් වූ වහාම ඔවුන්ට එම මෝටර් රථ පරිහරණය කිරීම සඳහා අවසර හිමිවනු ඇත.

saudi 1ජෙඩා ක්‍රීඩාංගනය තුළ පාපන්දු රසිකාවියන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් පිළිගැනීමට සහ ඔවුන් වෙත අසුන් පෙන්වීම සඳහා කාන්තාවන් සේවයේ යොදවා තිබිණි.

එම සේවිකාවන් සහ පාපන්දු රසිකාවියන් යන දෙපිරිසම කළු පැහැති සම්ප්‍රදායික අබයා ඇඳුමෙන් සැරසී සිටියහ.

  • සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීරය පළමු වරට බදු හඳුන්වා දෙත
  • සෞදි අරාබිය: ශ්‍රී ලාංකික රියදුරන්ගේ රැකියා අනතුරේද?
  • ජෙඩා නගරයේ වෙසෙන පාපන්දු රසිකාවියක් වන තිස් දෙහැවිරිදි ලම්යා ඛලෙඩ් නසර් ඒඑෆ්පී පුවත් සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ තමන් ආඩම්බරයට පත් වන බවත් තරගය නැරඹීමේ බලාපොරොත්තුවෙන් පසුවන බවත්ය.

"අප සමෘධිමත් අනාගතයක් කරා යමින් සිටින බව මෙමගින් සනාථ කෙරෙනවා. මේ සුවිශාල වෙනස සියැසින් දැක ගන්න ලැබීම ගැන මම ආඩම්බර වෙනවා" යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

"බොහෝ රටවල් විසින් ගනු ලැබ ඇති ශිෂ්ටසම්පන්න ක්‍රියාමාර්ග සමග එක් වීමට සෞදිය පියවර ගැනීම ගැන මම ආඩම්බරයටත් දැඩි සතුටටත් පත්වෙනවා," යනුවෙන් ජෙඩා නගරයේ වෙසෙන තවත් තරුණියක් වන රුවයිඩා අලි ක්වාසම් කියා සිටියාය.

 saudi 2සෙනසුරාදා පැවැත්වෙන දෙවන පාපන්දු තරගය සහ බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත තෙවන පාපන්දු තරගය නැරඹීම සඳහාත් කාන්තාවන්ට අවසර ලබා දෙන බව සෞදි ආණ්ඩුව පසුගිය සතියේ නිවේදනය කළේය.

සෞදි අරාබියේ රජ පවුල සහ ආගමික ආයතන සුන්නි ඉස්ලාම් දහමට අයත් දැඩි වත්පිළිවෙත් හා තදින් කටයුතු කරති.

  • සෞදි අරාබිය තුළ හැසිරීම සහ ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන්නේ දැඩි පිළිවෙතකි.
  • සෞදි අරාබිය තුළ පවතින නීතියට අනුව ගමන් බිමන් සහ රැකියාව බලා යාමේදී කාන්තාවන් සිය පවුලේ පුරුෂ සාමාජිකයෙකු එක්ව යා යුතුය.

සිය පවුලේ පිරිමි සාමාජිකයන් නොමැතිව සෞදි කාන්තාවන්ට කළ නොහැකි තව බොහෝ දේ ඇත:

  • විදේශ ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කිරීම
  • විදෙස් ගතවීම
  • විවාහ වීම
  • බැංකු ගිණුමක් ආරම්භ කිරීම
  • යම් ව්‍යාපාර ආරම්භ කිරීම
  • බන්ධනාගාරයෙන් නිදහස් වීම
  • වෛද්‍ය ප්‍රතිකාර ලැබීම

මේ අතර සෞදි අරාබියේ නිල නොලත් නායකයා ලෙස කටයුතු කරන ඔටුන්න හිමි මොහම්මඩ් බින් සල්මාන් කුමරු පවසන්නේ ප්‍රතිසංස්කරණ සිදු කරමින් රට නවීකරණයකට ලක් කරන බවය.

කාන්තාවන්ට රිය පැදවීම සඳහා පනවා තිබු තහනම ඉවත් කිරීමට ඔහු මෑතක දී කටයුතු කළේය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න