මීගමුව පෙරියමුල්ලේ අද (27) සිදුකළ වැටලීමකදී මීගමුව නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් ෆරීස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
ඒ කඩු දෙකක්, මන්නයක් සහ කිනිස්සක් ඇතුළු ආයුධ කිහිපයක් ඔහුගේ නිවසේ තිබී ඇති නිසාය.
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසාගේ ළඟම හිතවතෙකු වන මොහු මේ වන විට මීගමුව පොලිසිය වෙත භාරදී ඇති බවත් වාර්තා වෙයි.

