රාජකාරිය නිසා කිසිදු බුද්ධි අංශ සාමාජිකයෙක් අත්අඩංගුවේ නෑ - ඇමැති මංගල (වීඩියෝ )

රාජකාරිය නිසා කිසිදු බුද්ධි අංශ සාමාජිකයෙක් අත්අඩංගුවේ නෑ - ඇමැති මංගල (වීඩියෝ )

කිසිදු බුද්ධි අංශ සාමාජිකයෙක් රාජකාරි හේතුවක් මත අත්අඩංගුවට ගෙන නොමැති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර අවධාරණය කරයි.

ඊයේ (26) අමාත්‍යවරයා මේ බව සදහන් කල අතර ඒ මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්ය.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ බුද්ධි අංශ සාමාජිකයන් කියා නොව ඕනෑම අයෙකු මිනීමරා, සුදුවෑන් පැහැරහැර ගැනීම් සිදුකර ඇත්නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවය.

මෙහිදී මාධ්‍ය පෙරළා අමාත්‍යවරයා වෙතින් විමසා සිටියේ බුද්ධි අංශ සාමාජිකයන් නිදහස් කිරීමට කර ඇති යෝජනාව සම්බන්ධව ස්ථාවරය ගැනය.

රජය මේ ගැන ගන්නා තීන්දුව ගැන තමන් තවම නොදන්නා බවත් රාජකාරියට පරිභාහිරව අපරාධ වලට සම්බන්ධ අය කවුරු නිදහස් කරත් තමන් විරුද්ධ බව එහිදී අමාත්‍යවරයා පැවසීය.

එසේම අපරාධ සම්බන්ධ අයෙකු බුද්ධි අංශ සාමාජිකයකු යන පදනමින් නිදහස් කරනවා නම් එයින් ලෝකයට දෙන පණිවිඩය වන්නේ බුද්ධි අංශ සාමාජිකයන් නම් අපරාධ කළත් දඩුවම් නොදෙන බව යැයිද අමාත්‍යවරයා පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න