රට පුරා ක‍්‍රියාත්මක වන පරිදි අද (27) දිනයේද පොලිස් ඇදිරි නීතිය පනවන බව ආරක්ෂක ආරංචි මාර්ග සදහන් කරයි.
ඒ අනුව අද රාත්‍රී 10.00 සිට හෙට අලුයම 4.00 දක්වා පොලිස් ඇදිරි නීතිය රට පුරා පැනවෙයි.
මේ අතර කල්මුණේ, සමන්තුරේ, චාවලකඩ පොලිස් බල ප‍්‍රදේශවල පනවන ලද ඇදිරි නීතිය ඒ අයුරින් පවතින බවත් එම ආරංචි මාර්ග සදහන් කර සිටියි.

