බැරි ජනාධිපතිකමක් අරගෙන සිරිසේන රටම අමාරුවේ දැම්මා - ප්‍රසන්න

බැරි ජනාධිපතිකමක් අරගෙන සිරිසේන රටම අමාරුවේ දැම්මා - ප්‍රසන්න

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව ජනාධිපති සිරිසේන විසින් ආණ්ඩුවට වරද පටවන්න උත්සාහ කරන නමුත් ඒ ආණ්ඩුවේ නායකයා තමාම බව ඔහුට අමතකවී ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග පවසයි.

කරන්න බැරි ජනාධිපතිකමක් භාර අරන් රටම අමාරුවේ දැම්මේ සිරිසේන මහත්තයාම බවත් ඔය ජනාධිපතිකම ළමයකුට දුන්නා නම් ඔයිට වඩා හොඳ බවද මන්ත්‍රීවරයා පැවසීය.

ඒ පසුගියදා ගම්පහ උඩුගම්පොළ පැවති පක්ෂයේ ක්‍රියාකාරීන් අමතමින්ය.

එක්සත් ජාතික පක්ෂය රණවිරුවන් දඩයම් කරන විට නිහඬව හිටපු ජනාධිපතිවරයාට දැන් රණවිරුවන් ගැන කතා කරන්න අයිතියක් නැති බවත් මන්ත්‍රීවරයා සදහන් කර සිටියේය.

එසේම අග්‍රාමාත්‍යවරයා ලොකු විහිළුවක් බවට පත්ව ඇති බවත් ආරක්ෂක කවුන්සලයට ඔහුට එන්න දුන්නේ නැත්නම් කටවහගෙන හිටියේ කටේ පිට්ටු නිසාද කියා විමසන බවත් මන්ත්‍රීවරයා එහිදී පැවසීය.

තවද සිංහලයන්ට ගරහන අමාත්‍යවරුන් ආණ්ඩුවේ සිටින බවත් ඔවුන්ව ගෝල්ෆේස් ගෙනවිත් ජනතාව ගල් ගැසිය යුතු බවත් ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න