බුර්කා තහනමේ ඔතා : අගමැතිට - මංගලට මඩක් !

බුර්කා තහනමේ ඔතා : අගමැතිට - මංගලට මඩක් !

ඉස්ලාම් භක්තික කාන්තාවන් විසින් භාවිතා කරන ශරීරය සම්පූර්ණයෙන් ආවරණය වන බුර්කා ඇඳුම භාවිතා කිරීම තහනම් කිරීමට අමාත්‍යවරුන් පිරිසක් විසින් යෝජනා කළ අවස්ථාවෙහි එම යෝජනාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර විරුද්ධ වූ බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි.

මේ සම්බන්ධව පළවන පුවත අසත්‍ය බව අවධාරණය කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලයද නිවේදනයක් නිකුත්කර තිබේ.

එහි දැක්වෙන්නේ ඉහත ප්‍රවෘත්තිය මගින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බුර්කාව තහනම් කිරීමට නීති පැනවීමට විරුද්ධ බවට ඇඟවීමක් ඇති කිරීමට උත්සාහ ගෙන ඇති බවය.

අදාල නිවේදනයේ සදහන් වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත්තේ බුර්කාව භාවිතය නැවැත්වීම සඳහා ඉස්ලාමීය ප්‍රජාව නියෝජනය කරන සමස්ත ලංකා ජමායතුල් උලමා සභාව විසින් යෝජනාවක් සම්මත කරනු ලැබ ඇති බැවින් අධිකරණ අමාත්‍යවරිය එම සභාව සමග ද සාකච්ඡා කොට නීති කෙටුම්පත සැකසීම සිදු කරන බව පැවසූ බවය.

මංගල ඇමතිගේ ස්ථාවරයේ වෙනසක් නෑ !

මේ සම්බන්ධව අමාත්‍ය මංගල සමරවීරගේ කාර්‍ය මණ්ඩල නිලධාරියෙකු සදහන් කර සිටියේ පළමු අවස්ථාවේම බුර්කාව සම්බන්ධව තීරණයක් ගතයුතු බව යෝජනා කර සිටියේ මංගල ඇමතිතුමා බවත් එහෙත් එම යෝජනාවට මුල්විය යුත්තේ මුස්ලීම් නායකයන් බවටද අමාත්‍යවරයාගේ ස්ථාවරය වූ බවයි.

එසේම අමාත්‍යවරයාගේ එම ස්ථාවරයේ කිසිදු වෙනසක් නැති බවත් ඔහු පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න