කල්මුණේ, සයින්දමරුදු ප්‍රදේශයේ සිදුවූ පිපිරීමෙන් මියගිය 16 දෙනෙකුගේ මෘත ශරීර අද (02දා) භූමිදානය කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
අදාළ විමර්ශන හා පශ්චාත් මරණ පරීක්ෂණවලින් පසුව පොලීසිය විසින් අදාළ භූමිදාන කටයුතු සිදුකළ බවත්, ඒ සඳහා ප්‍රදේශයේ ආගමික නායකයන්ගේ හා ආගමික සංවිධානවල ඉල්ලීමට ආගමික කටයුතු සිදු නොකර මෙම භූමිදාන කටයුතු කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කරයි.
මෙම පිපිරීම්වලින් මියගිය කුඩා දරුවන් 06 දෙනා ආගමික වතාවත්වලින් පසු භූමිදානය කළ බවද ඔහු පවසා සිටියේය. අනෙකුත් සිරුරු ආගමික කටයුතුවලින් තොරව භූමිදානය කර තිබේ.
දිවයින පුරා සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බවත්, ත්‍රිවිධහමුදාවට යම්කිසි ස්ථානයක් සෝදිසිකිරීමට, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පූර්ණ බලය තිබෙන බවත්පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේය.
එසේම රට තුළ ආරක්ෂාව තරකර තිබෙන බවත්, ජාතීන් අතර අසමගිය ඇතිවන, ආගම් අතර අසමගිය ඇතිවන ආකාරයට ප්‍රකාශ සිදුකරන පිරිස්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත් ඔහු පැවසීය.

