මේ මොහොතේ මාධ්‍ය වගකීම කුමක්ද ? මාධ්‍යවේදී ඩේවිඞ්

මේ මොහොතේ මාධ්‍ය වගකීම කුමක්ද ? මාධ්‍යවේදී ඩේවිඞ්

සමාජ වගකීමක් සහිත ජනමාධ්‍යවේදය තුළ මේ මොහොතේ ප‍්‍රමුඛත්වය හිමිවිය යුතුව ඇත්තේ සංවේදී සිදුවීම් වාර්තාකරණයට නොව සමාජය තුළ සංවේදී සිදුවීම් ඇතිනොවීම සඳහා වන වාර්තාකරණයකට බවත්, එය ජනමාධ්‍ය අද දවසේ මුහුණ දෙන අභියෝගය බවත් ප‍්‍රවීණ මාධ්‍යවේදී,රත්මලාන වෘත්තීය තාක්ෂණික විශ්වවිද්‍යාලයේ උපදේශක එම්.ජේ.ආර්. ඩේවිඞ් පවසයි.

ඔහු මේ බව පැවසුවේ මැයි 03 දින නාරාහෙන්පිට ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ පැවති ලෝක ජනමාධ්‍ය නිදහස් දින සැමරුම් උත්සවයේ ආරාධිත දේශනය පවත්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මාධ්‍යවේදී ඩේවිඞ් අවධාරණය කළේ මේ මොහොතේ මතුවී ඇති තත්ත්වය රාජ්‍ය කළමනාකරණයේ ගැටලුවක් ලෙස හඳුනාගෙන, සමස්ථ මාධ්‍ය ප‍්‍රජාව එම ගැටුම නිරාකරණය කිරීමේ අරමුණින් විවෘත සාකච්ඡා මේසයකට එක්වීම අත්‍යාවශ්‍ය බවයි.

එසේම හැකි ඉක්මනින් 24 පුරාම සිදුකෙරෙන මාධ්‍ය සුපරීක්ෂණ වැඩපිළිවෙලක් ඇරඹියයුතු බවද ඔහු අවධාරණය කළේය.

‘‘මේ නිශ්චිත මොහොත ගත්තොත් මෙතන ඉන්න අපි කාගේත් ජීවිත ආරක්ෂාව බරපතල ලෙස අභියෝගයට ලක්වෙලා තියනවා. මේ මොහොතේ අපිට තියන අභියෝගය සංවේදී සිදුවීම් වාර්තාකරණය නොවේ. මෙවැනි සිදුවීම් ඇතිවීම වළක්වාගන්නේ කෙසේද කියන එක වාර්තා කිරීමයි. යුද්ධය ඇතුළු මේ බිහිසුණු ව්‍යසනයන් මුලින්ම හටගන්නේ අපගේ සිත්වල. සිත ආශ‍්‍රයෙන් අකුරු සොයා වචන ගොණු කරගන්නා අපට මේ මොහොතේ ඒ සඳහා යමක් කළ හැකිය කියන විශ්වාසය අප තුළ තිබිය යුතුයි. ’’ යැයිද හෙතෙම පැවසීය.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සී.දොඩාවත්ත , ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසන් සභාවේ පැමිණිලි නිලධාරි කමල් ලියනාරච්චි , ඩේලි එක්ස්ප‍්‍රස් හා වීක්එන්ඩ් එක්ස්ප්‍රස් පුවත්පත් කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී හනා ඊබ‍්‍රාහිම් හා බ්ලොක් මාධ්‍යවේදී අජිත් පැරකුම් ජයසිංහ "සංවේදී සිදුවීම් වාර්තා කිරීමේදී ජනමාධ්‍ය සතු වගකීම හා අභියෝග" සම්මන්ත්‍රණය අමතා අදහස් දැක්වූහ. ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයේ අධ්‍යක්ෂ ශාන් විජේතුංග සංවාදය මෙහෙයවීය.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (FMM) සහ ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනය (SLPI) එක්ව සංවිධානය කර තිබූ මෙම සම්මන්ත්‍රණයට ජනමාධ්‍ය සංවිධාන නියෝජිතයන්, මාධ්‍ය ක්ෂේත‍්‍රයේ ක‍්‍රියාකාරිකයන්, ප‍්‍රජා නායකයන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

10 DSC0003

11 2

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න