නීතිය හා සාමය අමාත්‍යාංශයේ වෙනසක් සිදුකිරීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර පවසයි.
ඒ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ලෙස සාකච්ඡාවක් හෝ පවත්වා නොමැති බවත් මන්තී‍්‍රවරයා නීතිය හා සාමය අමාත්‍ය ධුරයේ කටයුතු කරන ජනාධිපති සිරිසේන එම අමාත්‍යාංශයේ කටයුතු හොදින් සිදුකරගෙන යන බැවින් වෙනසක් සිදුකිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර වැඩිදුරටත් පෙන්වාදී තිබේ.
නිව්ස්ටියුබ් අනාවරණය හරි !
මේ වන විට එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායම නීතිය හා සාමය අමාත්‍යාංශය පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වෙත ලබාදෙන ලෙස ඉල්ලා ජනාධිපති සිරිසේන වෙත ලිපියක් යොමු කිරීමට අත්සන් තබමින් සිටියි.
නමුත් නිව්ස්ටියුබ් "නීතිය හා සාමය අමාත්‍යාංශය කීයටවත් ෆොන්සේකාට දෙන්නේ නෑ" මැයෙන් වූ පුවත හරහා අනාවරණය කර සිටියේ එළැඹෙන ජනාධිපතිවරණය දක්වා එම අමාත්‍යාංශය කිසිවෙකුට ලබානොදීමට ජනාධිපති සිරිසේන තීරණය කර ඇති බවය.
මේ සම්බන්ධව වැඩිදුරටත් තොරතුරු අනාවරණය කරන දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ ඉදිරි දේශපාලන කටයුතු සදහා ජනාධිපති සිරිසේන මේ අමාත්‍යාංශය ප්‍රබල ලෙස යොදා ගැනීමට තීරණය කර තිබෙන බවය.
එසේම පසුගිය ඔක්තෝබර් 26 දියත්වූ කුමන්ත්‍රණ ආණ්ඩුව අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ට ස්ථාන මාරුවක් ලබාදීමට ජනාධිපති සිරිසේන කටයුතු කල බවත් එම ආරංචි මාර්ග සිහිපත් කරයි.

