ජනාධිපතිවරණයට පෙර ත්‍රස්තවාදය අවසන් කරනවා - සිරිසේන

ජනාධිපතිවරණයට පෙර ත්‍රස්තවාදය අවසන් කරනවා - සිරිසේන

මෙම වසර අවසානයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර ත්‍රස්තවාදය මුලිනුපුටා ස්ථාවරත්වය ඇති කිරීම සදහා ආරක්‍ෂක හමුදා කටයුතු කරනු ඇතැයි ජනාධිපති සිරිසේන පවසයි.

පසුගිය පාස්කු ඉරිදා දිනයේ ප්‍රහාරයට සම්බන්ධ වූ ත්‍රස්තයන් සියල්ලන් අවසන් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා රොයිටර් පුවත් සේවය සාකච්ඡාවක් හා එක්වෙමින් සදහන් කර තිබේ.

මැතිවරණන් කල් දැමීමට නොහැකි බවද පවසන ජනාධිපතිවරයා ඊට කලින් රට තුල ස්ථාවරත්වයක් ඇති කළ යුතු බවද සදහන් කරයි.

එනිසා ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සදහා තමන් කටයුතු කරන්නේ යයිද පවසන ජනාධිපතිවරයා පාස්කු ඉරිදා ප්‍රහාරය සදහා සම්බන්ධ සියලූ පිරිස හඳුනාගෙන තිබෙන බවත් ඔවුන් ඉක්මනින්ම අත්අඩංගුවට ගනු ඇතැයිද සදහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න