Language Switcher

V2025

කතෝලික පාසල් 14 දා ඇරඹේ

දැනට වසා දමා තිබෙන කතෝලික පාසල් හි දෙවැනි වාරය එළඹෙන 14 වන දින ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව අගරදගුරු මැල්කම් රංජිත් හිමියන් පවසා සිටියි.

14 වන දින පාසල් ආරම්භ කිරීමට කටයුතු කර තිබුණද ආරක්ෂක තත්තවය මත එය වෙනස් විය හැකි බවත්, ආරක්ෂක තත්වයෙහි ගැටලුවක් ඇති වුවහොත් වෙසක් පොහොයට පසු පාසල් ආරම්භ කිරීමට කටයුතු කරන බවත් මෙහිදී එතුමත් පැහැදිලි කරන ලදී.

කෙසේ වුවද සිංහල පාසල් වල 1 වසර සිට 5 වසර දක්වා එළඹෙන 13 වන දින ආරම්භ වන අතර 6 - 13 පන්ති මේ වන විටත් ආරම්භ කර ඇත.