ජනපති සිරිසේනගේ පුත් දහම් සිරිසේනගේ විවාහ මංගල උත්සවය අද (09) කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණ.
ජනාධිපති පුතා අතිනත ගත්තේ එල්කාර්ඩෝ (Elcardo) හිමිකරු අතුල රොහාන් වීරරත්නගේ හා එම මහත්මියගේ දියණිය වන නිපුනි සමඟය.
මෙම විවාහය සිදුකිරීමට නියමිතව තිබුණේ කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේ වුවත් පාස්කු ප්‍රහාරයට එම හෝටලය නතුවූ බැවින් විවාහ උත්සවය හිල්ටන් හෝටලයේ පවත්වා ඇත.
ඒ වෙනුවෙන් විශාල ආරක්ෂක රැකවල් යොදා තිබුණ අතර ජල ප්‍රහාර රථ පවා ගෙන්වා තිබුණි. මෙම ආරක්ෂක වැඩපිළිවෙල හේතුවෙන් කොළඹ කොටුව ආසන්නයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබුණි.
කෙසේ වුවත් ජනාධිපති පුත් දහම් සිරිසේනට අප ප්‍රීතිමත් විවාහ දිවියක් ප්‍රාර්ථනා කරමු.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
