Language Switcher

V2025

බෝම්බ කම්හලට තඹ දුන්නේ සිරිසේන ?

පාස්කු ඉරිදා කොළඹ කින්ස්බරි හෝටලයේ දී බෝම්බයක් පුපුරුවාගෙන මරාගෙන මැරුණු ඉන්ෂාෆ් අහමඩ් නමැති කෝටිපති ව්‍යාපාරිකයාට අයත්ව තිබූ ක්ලෝසස් පුද්ගලික සමාගම නමැති වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාව සදහා සහන මිලට තඹ ලබාදීමට මැදිහත්ව ඇත්තේ ජනාධිපති සිරිසේන බව වාර්තා වෙයි.

ජනාධිපති සිරිසේනගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජෙනරාල් ‘ශාන්ත බණ්ඩාර’ නමැත්තා ගේ අත්සනින් කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිට 2018 ජුනි 06 වනදා යොමුකළ ලිපියක් හේතුවෙන් මේ බව තහවුරු වෙයි.

මෙම ලිපිය හරහා ජනාධිපති සිරිසේනගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ශාන්ත බණ්ඩාර දන්වා ඇත්තේ කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිට දන්වා ඇත්තේ මණ්ඩලයේ අබලි තඹවලින් සහන මිලට ටොන් 500 ක් ලබා දෙන ලෙසය

කාර්මික සංවර්ධන මණ්ඩලය අයත් වන්නේ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ විෂය පථයටය. එහෙත් දිගින් දිගටම ඒකාබද්ධ විපක්ෂය ඇතුළු රාජපක්ෂ පාර්ශවය සහ ජනාධිපති සිරිසේනගේ පාර්ශවය චෝදනා කර සිටියේ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා මේ පසුපස සිටින බවය.

නමුත් එය මුලුමනින්ම සාවද්‍ය බව මේ ලිපියෙන් පෙන්නුම් කරයි .

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාල බෝම්බ නිෂ්පාදනය කර ඇත්තේ මෙම කර්මාන්ත ශාලාවේ බව ආරක්ෂක අංශ වාර්තා සදහන් කරයි.

පහත දැක්වෙන්නේ අදාල ලිපියයි.

copper letter