ත්‍රිකුණාමලය හා ඒ ආසන්න තවත් නගර කිහිපයක අද (10) හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර තිබේ.
මෙහිදී හර්තාල්කරුවන් ඉල්ලා සිටින්නේ නැගෙනහිර ආණ්ඩුකාර එම් .එල්. ඒ .එම් . හිස්බුල්ලා වහාම එම ධුරයෙන් ඉවත් කරන ලෙසයි.
මෙම ව්‍යාපාරය නිසා එම ප්‍රදේශයේ දෛනික ජන ජීවිතයට බාධා පැමිණ තිබූ බවත් ලංගම බස් රථ පමණක් ප්‍රවාහන කටයුතු කළ ද කොළඹ දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ලංගම බස් රථයකට ගල් ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් වාර්තා වෙයි.
ඇතැම් ස්ථානවල ටයර් පුළුස්සා මාර්ගය අවහිර කර තිබූ අතර පොලිසිය මැදිහත්ව එම ටයර් ඉවත් කල බවත් දැනගන්නට ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
