ISIS ත්‍රස්තවාදී මෙරට සාමාජිකයන් හා ඔවුන්ගේ ජාලය සමග සම්බන්ධතා පවත්වන 60 දෙනකු ගේ සියලු තොරතුරු පොලීසිය විසින් හෙළිකරගෙන ඇති බව වාර්තා වෙයි.
මෙම තොරතුරු හෙළිව ඇත්තේ පසුගියදා නුවරඑළිය ප්‍රදේශයේදී සහරාන් විසින් පවත්වාගෙන යන ද පුහුණු මධ්‍යස්ථානයේ තිබී අත්අඩංගුවට ගන්නා ලද පරිගණකයෙනි.
පරිගණකයේ තිබුණේ මෙරට අයියේ ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන්ගේ නාම ලේඛනය විය හැකි බවට පොලිසිය විශ්වාසය පළ කරයි.
එම නාම ලේඛනයේ නම සඳහන්ව තිබූ ප්‍රබල සාමාජිකයෙක් බව කියන පුද්ගලයෙකු බිබිල ප්‍රදේශයේදී පොලීසිය විසින් ඊයේ (09) දින අත්අඩංගුවට ගෙන ඇත.
මැයි 4 වැනිදා අත්අඩංගුවට ගත් තිබූ සැකකරුවෙකුගේ නමත් එම නාමලේඛණයේ සඳහන්ව තිබෙන බව පොලීසිය පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
