තමාට එරෙහිව කවුරු හර්තාල් කළත් ඊට බිය වන්නේ නැතැයි ද තමා තනතුරෙන් පහ කරන්න ජනාධිපතිවරයාට හැරුණු කොට වෙනත් කිසිවකුට නොහැකි යෑයි ද නැගෙනහිර පළාත් ආණ්‌ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්‌බුල්ලා මහතා ප්‍රකාශ කළේය.
හිස්‌බුල්ලා මහතාට එරෙහිව නැගෙනහිර පළාතේ ආරම්භ කළ හර්තාලය පිළිබඳව ඔහුගෙන් අප කළ කරුණු විමසීමකදී ඒ මහතා එසේ ප්‍රකාශ කළේය.
හෙතෙම මෙසේ ද පැවසීය.
‘මෙම හර්තාලය පසුපස සිටින අය මා හොඳාකාරව දන්නවා. දෙමළ ජාතිකයන් පිරිසක් පොහොට්‌ටුවේ මන්ත්‍රීවරුන් ද අල්ලාගෙන මට එරෙහිව හර්තාල් කරනවා. කවුරු හර්තාල් කළත් මට ප්‍රශ්නයක් නැහැ. මාව තනතුරෙන් පහකරන්න මේ පොඩි පොඩි කාටවත් බැහැ. එහෙම පහකරන්න හේතු පෙන්වාදිය යුතුයි’
කන්තලේ නගරයේ කඩ සාප්පු වසා දමන දවසක් අල්ලාගෙන ඔවුහු මේ හර්තාලය කළහ.
– divaina
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
