Language Switcher

V2025

ඉන්ධන මිල වෙනස් වෙයි !

අද (10) රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 3කින් ද ඔක්ටේන් 95 පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 5 කින් ද ඉහළ දමා තිබේ.

කෙසේ වෙතත් ජනතාවට සහ පොදු ප්‍රවාහන කේෂ්ත්‍රයට අයහපතක් සිදු වීම වළක්වමින් ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු කර නොමැති අතර සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 2කින් ඉහළ දමා ඇත.

ඒ අනුව නව සංශෝධිත මිල ගණන් පහත දැක්වෙයි.

IMG 20190510 211723

 පසුගිය අප්‍රේල් උත්සව සමය සැලකිල්ලට ගනිමින්, ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල ඉහළ යමින් තිබුණ ද මෙරට ඉන්ධන මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොකර සිටීමට රජය පියවර ගත්තේ ය.