අන්තවාදී අදහස් අන්තර්ජාලය ඔස්සේ මුදා හැරී වවුනියාව , සෙට්ටිකුළම ප්‍රදේශයේ පල්ලි වල දේශනා පැවැත් වූ මවුලවිවරයෙකු ඊයේ (11දා) මක්කම වන්දනාවේ ගොස් එමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
මොහු මුහයිදීන් කයි නැමැති 47 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි. මොහු මක්කම වන්දනා කටයුතු සඳහා පිරිස් රැගෙන යන වන්දනා නඩයක ප්‍රධානියෙකු ලෙස කටයුතු කරන්නෙකි.
මොහු එහි ගොස් යළි ආපසු ශ්‍රී ලංකාව බලා එමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ ජාතික රහස් තොරතුරු ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපළේ දී රැක සිට අත්අඩංගුවට ගෙන තිබේ
සැකකාර මවුලවිවරයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඒළැඹෙන 14දා තෙක් තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග ලැබී තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
