Language Switcher

V2025

මම ගෙදර යන්නේ නෑ - ජනාධිපති සිරිසේන

පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා තමන් අස් නොවෙන බව ජනපති සිරිසේන සඳහන් කළේය.

අම්පාර ප්‍රදේශයේ පැවති එකට සිටිමු වැඩසටහන අමතමින් ඔහු මේ බව පවසා ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති සිරිසේන මෙසේද පැවසීය.

“අපට පහර දුන්න ත්‍රස්තවාදීන් යුරෝපයේ රටවල් සියල්ලටම පහර දුන්නා. රුසියාවේ කළා ඇමෙරිකාවේ කළා කැනඩාවේ කළා ඔස්ට්‍රේලියාව, මැලේසියාව, ඉන්දුනීසියාව, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සියල්ලෙහිම මෙම පිපිරීම් කළා.

ඒ පිපිරීම්වලින් පසුව ඒ රටවල් සාමකාමීව යථා තත්ත්වයට ඒ රටවල පාලකයෝ පත්කර ගත්තා. ඒ රටවල විනාශ කරන නොකට ඒ රටවල නායකයෝ කිසි කෙනෙක් ඒ රටේ නායකයාට කිව්වේ නෑ උඹ අස්වෙලා ගෙදර පලයන් කියලා.

ඒ රටේ නායකයින්ට ජනතාව කිව්වේ ගහලා ඉවර කරපන් කියලා. මේ ත්‍රස්තවාදී සිදුවීම නිසා මමත් පසු බාන්නේ නෑ. මම පස්සට යන්නේ නෑ. මම බයවෙන්නේ නෑ. මම ගෙදර යන්නෙත් නෑ. මම ගහලා ඉවර කරනවා මේ ත්‍රස්තවාදය.”