මම ගෙදර යන්නේ නෑ - ජනාධිපති සිරිසේන

මම ගෙදර යන්නේ නෑ - ජනාධිපති සිරිසේන

පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා තමන් අස් නොවෙන බව ජනපති සිරිසේන සඳහන් කළේය.

අම්පාර ප්‍රදේශයේ පැවති එකට සිටිමු වැඩසටහන අමතමින් ඔහු මේ බව පවසා ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති සිරිසේන මෙසේද පැවසීය.

“අපට පහර දුන්න ත්‍රස්තවාදීන් යුරෝපයේ රටවල් සියල්ලටම පහර දුන්නා. රුසියාවේ කළා ඇමෙරිකාවේ කළා කැනඩාවේ කළා ඔස්ට්‍රේලියාව, මැලේසියාව, ඉන්දුනීසියාව, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සියල්ලෙහිම මෙම පිපිරීම් කළා.

ඒ පිපිරීම්වලින් පසුව ඒ රටවල් සාමකාමීව යථා තත්ත්වයට ඒ රටවල පාලකයෝ පත්කර ගත්තා. ඒ රටවල විනාශ කරන නොකට ඒ රටවල නායකයෝ කිසි කෙනෙක් ඒ රටේ නායකයාට කිව්වේ නෑ උඹ අස්වෙලා ගෙදර පලයන් කියලා.

ඒ රටේ නායකයින්ට ජනතාව කිව්වේ ගහලා ඉවර කරපන් කියලා. මේ ත්‍රස්තවාදී සිදුවීම නිසා මමත් පසු බාන්නේ නෑ. මම පස්සට යන්නේ නෑ. මම බයවෙන්නේ නෑ. මම ගෙදර යන්නෙත් නෑ. මම ගහලා ඉවර කරනවා මේ ත්‍රස්තවාදය.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න