Language Switcher

V2025

නැතිවූ ජීවිතයක් වන්දි මුදලකින් තක්සේරු කරන්න බෑ - ඇමති රවී

නැතිවුණ ජීවිතයක් වන්දි මුදලකින් තක්සේරු කරන්න බැහැ. නමුත් දැන් එවැනි ශෝකජනක අවස්ථාවක් ඇතිවෙලා ඉවරයි. කෙහොමද අපි ඉදිරියට යන්න පුළුවන්. අපි යම් අවස්ථාවක දේවස්ථානයකට යන්නේ දෙවියන්ට ස්තූති කරන්න. ප්‍රශ්නයක් තියෙනම් ඒකට මැදිහත් වෙන්න. මේ වගේ අවස්ථාවක කෘෘර ලෙස ආගම විකුණලා ත්‍රස්තවාදී ක්‍රියාවක් කරන එක නෙමෙයි. මේ ඇති වෙලා තියෙන්නේ ඒ වගේ තත්ත්වයක්. මේ වගේ තත්ත්වයක් ඇති නොවන්න අපි වග බලා ගත යුතුයි.᱿ යැයි විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුනානායක අවධාරණය කරයි.

ඒ මහතා මෙම අදහස් පළකළේ, පසුගිය දා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ජීවිත අහිමි වූ හා තුවාල ලැබූ පවුල්වල අය වෙනුවෙන් කෝටි 2කට අධික(රු.22,150,000.00) වන්දි මුදල් ප්‍රදානයට සහභාගි වෙමිනි. ඊයේ (11) සංචාරක මණ්ඩල පරිශ්‍රයේදී පැවති මෙම අවස්ථාවට අමාත්‍ය ජෝන් අමරතුංග මෙන්ම කතෝලික පුජකතුමන්ලාද සහභාගී වුහ.

 මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,

 අපි මෙවැනි කටයුත්තක් කරද්දි ඔබතුමාලගේ නැතිවෙලා ඉන්න ඥාතීන්ට මිලක් ඇති කරන වන්දියක් කියන්න බැහැ. මේක ජනජීවීතය ඉදිරියට ගෙනියන්න කරන අත්උදව්වක් මිසක් වෙන දෙයක් ලෙස සලකන්න බැහැ. මේ වෙලා තියෙන්නේ මොනවද. අන්තවාදීන් ආගම විකුණලා මෙවැනි ත්‍රස්තවාදී ක්‍රියා ලෝකයේ හැමතැනම දකින්න පුළුවන්. අපි ලංකාවේ මෙවැන් අවස්ථා ගණනාවක් දැකලා තිබෙනවා. 71/89 එක ප්‍රශ්ණයක් තිබුණා. ඒක සමතයකට ලක්වෙන කොට වෙනින් ජාතිවාදී ප්‍රශ්ණයකට ඇති කරගෙන ගියා. ඊට පස්සේ ආගම්වාදී ප්‍රශ්ණයක් ඇති වෙලා තියෙනවා. මේක නැවත ඇති කරන්න බලන කෘෘර අවස්ථාව අපි සියලු දෙනාම එකාවන්ව හෙලා දකින්න අවශ්‍යයයි. මේ අවස්ථාවේ කතෝලික ජනතාවට පහරක් ඇති වෙලා තියෙනවා. ඒත් ඉවසිලිමත්භාවය අද මෙතනට ඇවිත් තියෙන්නේ අපේ රටේ තියෙන එකමුතුභාවය, ශ්‍රී ලංකා අනන්‍යතාවයේ තියෙන ශක්තිය ලෙසයි.

 අපි එකක් මුල්කොට ගෙන තවත් දෙයක් ඇති කරා නම් මේ විපතට වඩා බරපතල ශෝකයක් ඇති වෙනවා. මේ අවස්ථාවේ කාදිනල්තුමා කළ සේවය, මහානායකවරු කළ සේවය, හින්දු පුජකතුමන් මෙන්ම මවිලවිතුමන්ලා එකට එකතු වී ඇතිකළ සාමය අපි අමතක කරන්නේ නැහැ. ඒ වගේම ඔබලාත් මේ ශෝකය තුලින් ගමන් කළ ආකාරය මතක් කළ යුතුයි. අපි ආණ්ඩුවක් වශයෙන් මේ කරපු ත්‍රස්තවාදී ක්‍රියා තරාතිරමක් නැතුව හොයලා බලලා දඩුවම් දීමේ කටයුත්තකට මැදිහත් වෙනවා කියලා බය නැතුව ප්‍රකාශ කරනවා. මේ වගේ ආගමක් මුල් කොට ගෙන ත්‍රස්තවාදි ක්‍රයාවක් කරන්නහදන අය කරුණාකරලා කාන්තාරයකට ගිහිල්ලා කරන්න මිසක් මේ රටේ අහිංසක ජනතාවට කරන්න එපා. මේක දෙවියන්ගේ නම් විකුණලා කරන දේවල් අප සහමුලින්ම නැති කරන්න ඕන. අපි එකමුතුව මේ වුණ අවස්ථාව මුල්කරගෙන අප්‍රේල් 21 වැනිදා අපේ ශ්‍රී ලංකාව නැවත එකතුවෙන්න පුළුවන් අවස්ථාවක් වුණා. අප මේක තුළින් දේශපාලන අරමුණු ඉෂ්ඨ කර ගැනීම නෙමෙයි, බොර දියේ මාළු බාන එකවත් ආගම් හෝ පක්ෂ හෝ වෙන්වෙන් එක නෙමෙයි. අපි සියලු දෙනාම මේ රට නිදහසක් ලබා දෙන්න බැරිවුණ රටක් ලෙස සලකන්න ඕන. අපේ දුර්වලකම තමයි ඉතිහාසයයන් දේවල් ඉගෙන ගන්නේ නැති එක. දැන්වත් සිංහල බෞද්ධ රටේ කතෝලික, හින්දු සහ මුස්ලිම් යන සියලු දෙනාම ඒකරාශී වෙලා අපේ රටේ ඉදිරි අනාගතය අපේ ඉදිරි පරම්පරාවට හදමු. හදන්න බැරි එක නෙමෙයි, හදන්න ඕනකමක් නැති එකයි ප්‍රශ්නේ. අපි මේ අවස්ථාව නැවත එකතු වීමේ සංකේතයක් ලෙස දක්වමු. අපි ඉදිරියට ගමන් කරමු. මැරෙන එක ස්වභාවිකයි. නමුත් මෙවැනි දේවල් ඇතිවන එක නවත්තමු. මේ දෙය වුණාට පස්සේ සියලු ස්ථාන වලට ගිහිල්ලා, රෝහල්වලට ගිහිල්ලා බැලුවා. අපි දැක්කා ඒ අය විදින දුක. අපි සැම ඔබත් සමගයි සිටින්නේ. අපි සියලු දෙනා අත්වැල් බැදගමු. එකඑක්කෙනාට බැනගන්න එක නෙමෙි, මේ දේ තව කෙනෙක්ට ඇති නොවන විදියට කටයුතු කරමු.

 

View the embedded image gallery online at:
http://newstube.lk/news/6538-2019-05-12-18-31-45#sigProIdfe5cde727c