මහසොහොන් බලකායේ ප්‍රධානියා ලෙස සැලකෙන අමිත් වීරසිංහ නැමැත්තා අත්අඩංගුවට ගැනීමට පොලිසිය අද (14) කටයුතු කර ඇත.
පොලිසිය සදහන් කරන ආකාරයට ඊයේ (13) ප්‍රදේශ කිහිපයක ඇති වු ඇති වු ගැටුම්කාරී තත්ත්වයන් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම් සඳහා මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ තෙදෙණිය ප්‍රදේශයේදීය.
ඇති වු කළහකාරී සිදුවීම් හා සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මූලස්ථානය පත් කර ඇති පොලිස් අධිකාරීවරයකුගේ අධික්ෂණයෙන් යුත් විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
