සිරිසේනගේ හයිය පෙන්නා දයාසිරි අත්අඩංගුවේ සිටි මැරයන් නිදහස් කරගෙන !

සිරිසේනගේ හයිය පෙන්නා දයාසිරි අත්අඩංගුවේ සිටි මැරයන් නිදහස් කරගෙන !

කුලියාපිටිය ප්‍රදේශයේ මුස්ලීම් ජාතිකයන්ට අයත් කඩ පහරදී ගිනිතබා ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකල විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු පොලිස් අත්අඩංගුවේ සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් නීතිය බල්ලට දමා නිදහස් කරගෙන ගොස් ඇති බව වාර්තා වෙයි.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට පසුගිය 12 සහ 13 යන දෙදින මෙම පිරිස් කුලියාපිටියේ ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට සම්බන්ධ බැවින් හඳුනාගත් සිව් දෙනෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. එහිදී ජාතිවාදී කහකඩයන් සමග පැමිණි ප්‍රචණ්ඩකාරී පාදඩයන් පොලිසිය වටලා අත් අඩංගුවේ සිටින මැරයන් නිදහස් කරන ලෙස උද්ඝෝෂණය කර ඇත.

පසුව පොලිසිය ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවමින් අත් අඩංගුවේ සිටි පිරිස හෙට්ටිපොල පොලිසියට මාරු කර තිබේ.

අනතුරුව ඊයේ (13) හෙට්ටිපොල පොලිසියට ගිය දයාසිරි ජයසේකර පොලිසිය බාර ජනාධිපතිගේ නියෝග මත යැයි කියා අත් අඩංගුවේ සිටි සැකකරුවන් හෙට්ටිපොලින් බාරගෙන පොලිස් ඇප ලබා දී නිදහස් කරවා ගෙන ඇත.

ඉතා පැහැදිළිව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටින මන්ත්‍රීවරයෙකුට මෙවැනි සෙල්ලම් දැමිය නොහැකිය. ඒ අනුව පෙනී යන්නේ මේ සඳහා ජනාධිපති සිරිසේනගේ හයිය යොදාගෙන ඇති බවය.

දයාසිරි සමඟ නාමල් කුමාර !

IMG 20190514 WA0027

එසේම මේ වන විට අදාළ සිදුවීම් සිදුවන ස්ථානයේ ජනාධිපති කුමන්ත්‍රණයක් පිළිබඳ හමු පැවැත්වූ නාමල් කුමාරද සිටියේය. ජනාධිපති සිරිසේන විසින් 2018 ඔක්තෝබර් 26 ව්‍යවස්ථා විරෝධී ආණ්ඩු කුමන්ත්‍රණය දියත් කිරීම සඳහාද යොදාගත්තේ මේ නාමල් කුමාර නම් පාදඩයාගේ සාක්ෂියයි.

මධුමාධවත් සම්බන්ධයි !

තවද මේ කළහකාරී පාදඩයන් විසින් මුස්ලීම් ප්‍රජාව ඉලක්ක කර නින්දිත ප්‍රහාර දියත් කිරීම සඳහා පෙට්‍රල් කෑන් රැගෙන මෝටර් සයිකල් වල නැගී පිට පළාත් වලින් පැමිණි 200 ක් පමණ වෙනම මැරයන් යොදවා සිටි බවත් වාර්තා වෙයි. ඔවුන් කුලියාපිටියේ මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයන්ට අයත් ව්‍යාපාරික ස්ථාන රැසකට සහ මුස්ලිම් පල්ලි 9 කට පහර දී සමහර ස්ථාන වලට ගිනි තබා තිබිණ.

මේ සඳහා නායකත්වය දුන් අය අතර පිවිතුරු හෙළ උරුමයේ මධු මාධව අරවින්ද සහ මහසෝන් බලකායේ අමිත් වීරසිංහ සිටි බවද හඳුනාගෙන තිබේ.

ප්‍රචණ්ඩ ක්‍රියා ‌මෙහෙයැවූ මධු මාධව සහ ප්‍රචණ්ඩ මැරයන් නිදහස් කරගත් දයාසිරි ද ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට ලක් වූ මුස්ලිම් ජනයාගේ ‌දේපොල සහ පල්ලි කිහිපයකද ‌සේයාරූ ‌මෙහි දැක්වේ.

IMG 20190514 WA0006

IMG 20190514 WA0016

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න