ප්‍රහාරයන්ට පෙර : නාමල් කුමාර සහ කපිල හෙන්දාවිතාරණ අතර රහස් හමුවක් !

ප්‍රහාරයන්ට පෙර : නාමල් කුමාර සහ කපිල හෙන්දාවිතාරණ අතර රහස් හමුවක් !

පාස්කු ඉරිදා (අප්‍රේල් 21) ප්‍රහාරය හමුවේ ඇතිනොවූ මුස්ලීම් ප්‍රජාව ඉලක්ක කරලූ ප්‍රචණ්ඩත්වයක් එම සිදුවීමෙන් සති තුනකට පසුව ඇතිවීම සම්බන්ධව බරපතල සැකසංකා මතුවෙමින් තිබේ.

විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කරන්නේ මෙකී මිලේච්ජ ප්‍රහාර පිටුපස දේශපාලන හස්තයක් ක්‍රියාත්මක බවයි.

තවද අදාළ ප්‍රහාර දියත්වීමට දින කිහිපයකට පෙර ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳ මාධ්‍ය හමු පැවැත්වූ නාමල් කුමාර සහ ඩෑන් ප්‍රියසාද් යන අය රාජපක්ෂ පාලන සමයේ මෙරට ජාතික බුද්ධි අංශ ප්‍රධානියාව සිටි කපිල හෙන්දාවිතාරණ අතර රහස් හමුවක් සිදුව ඇති බවත් එම ආරංචිමාර්ග සඳහන් කරයි.

එම ආරංචිමාර්ග සඳහන් කරන්නේ පාස්කු ප්‍රහාරයෙන් සති තුනකට පසුව දියත්වූ ජාතිවාදී - ආගම්වාදී කෝලාහලය සහ මේ හමුව අතර සම්බන්ධයක් ඇති බවට පැහැදිලි සැකසංකා පවතින බවය.

එසේම නාමල් කුමාර සහ මහසොහොන් බලකායේ ප්‍රධානියා වන දිගන ප්‍රහාරයට සම්බන්ධ අමිත් වීරසිංහ අතර කාලයක් තිස්සේ පැවති නෝක්කාඩුව ඩෑන් ප්‍රියසාද් නැමැත්තා මැදිහත්ව සමතයකට පත්කර ඇති බවත් දැනගන්නට ලැබී තිබේ.

මේ වන විටත් වයඹ පළාතේ කුලියාපිටිය ප්‍රදේශයේ දියත්කල ප්‍රහාර සඳහා නාමල් කුමාර මෙන්ම අමිත් වීරසිංහ සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් සඳහන් වෙයි.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් පොලිස් අත්අඩංගුවේ සිටි ප්‍රහාර වලට සම්බන්ධ විපක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරයෙකු බලහත්කාරයෙන් රැගෙන යන අවස්ථාවට ද නාමල් කුමාර සහභාගීවූ බවට ජායාරූප සාක්ෂි පවතී. මේ සම්බන්ධව ඔවුන් දෙදෙනාද අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ අවධානය යොමුකර ඇති බවත් වාර්තා වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.