කොට්ටරාමුල්ලේ 23ක් අත්අඩංගුවේ !

කොට්ටරාමුල්ලේ 23ක් අත්අඩංගුවේ !

කොස්වත්ත කොට්ටරාමුල්ල මොරකැලේ ප්‍රදේශයේදී ඊයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමට සැකපිට පුද්ගලයන් 22 දෙදෙනෙකු ඊයේ (14) අත්අඩංගුවට ගැනීමත් සමඟ කොස්වත්ත ප්‍රදේශයේ උණුසුම්කාරී තත්වයක් ඇති වූ බව පොලිසිය කියයි.

එම ගැටුමෙන් කැපුම් තුවාල ලබා පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා ඇති බවද පොලිසිය සඳහන් කළේය.

මෙම ගැටුමෙන් මියගොස් ඇත්තේ කොටරාමුල්ල මොරකැලේ පදිංචි මොහමඩ් සාලි ෆවුසුල් අමීරි නැමැති 50 හැවිරිදි සිව්දරු පියෙකු වන අතර තුවාල ලබා ඇත්තේ මොරකැලේ පදිංචි විශ්‍රාමික හමුදා සමාජිකයෙකු වූ සුසේ හේවගේ ගුණසිංහ නැමැති 54 හැවිරිදි අයෙකු බව පොලිසිය සඳහන් කළේය.

ගැටුම හේතුවෙන ප්‍රදේශයේ නිවාස 6 කට පමණ හානි සිදුව ඇති බවත් පොලිසිය කියයි.

ගැටුමට සම්බන්ධ වූ පුද්ගලයන් 22 දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොස්වත්ත පොලිසිය විසින් පියවර ගෙන ඇති අතර එයට විරෝධය දක්වා ස්වාමීන් වහන්සේලා ඇතුලු විශාල පිරිසක් කොස්වත්ත පොලිසිය වටකර විරෝධතවක් ආරම්භ කර තිබේ.

කොස්වත්ත පොලිසිය ආසන්නයේ පොලිස් කැරළි මර්ධන ඒකකය සහ විශේෂ කාර්ය බලකා සාමාජිකයින් යොදවා ඇති බව පොලිසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේය.

 (ලංකාදීප )

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න