විදුලි ඉංජිනේරු ඉල්ලීම් නීති විරෝධීයි : පාරිභෝගික සංගමය ඇමති රවීට ලියයි !

විදුලි ඉංජිනේරු ඉල්ලීම් නීති විරෝධීයි : පාරිභෝගික සංගමය ඇමති රවීට ලියයි !

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය විසින් දියත්කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධව 1969 අංක 17 දරණ ශ්‍රී ලංකා විදුලි පනතේ 8 (1) අනුව කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක වෙත දන්වයි.

මැයි 14 වනදා පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය වෙනුවෙන් එහි සභාපති රංජිත් විතානගේ විසින් ලිඛිතව මේ සම්බන්ධව අමාත්‍යවරයා වෙත දන්වා තිබේ.

2005 සිට විදුලි ඉංජිනේරුවන් අනීතික ආකාරයට සිය වැටුප් සහ දීමනා වර්ධනය කරගෙන ඇත්තේ අනීතික ආකාරයට බවත් එම ලිපියේ දක්වා ඇත.

එසේම විදුලි ඉංජිනේරුවන් මේ ආකාරයට අනීතිකව වැඩිකර ගැනීමට කටයුතු කල වැටුප් සහ දීමනා සම්බන්ධව විදුලිබල මණ්ඩලයේ සේවකයන් විසින් අධිකරණ නියෝගයක් ඇති බවත් ඊට අනුවත් විදුලි ඉංජිනේරු සංගමයේ ඉල්ලීම් නීති විරෝධී අදාල ලිපියේ සදහන් කර තිබේ.

තවද විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය මේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගය ගෙන ඇත්තේ රට බලවත් දුෂ්කරතාවයකට පත්ව ඇති මොහොතක බවත් පෙන්වා දෙන එම ලිපියේ වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ 1969 අංක 17 දරණ ශ්‍රී ලංකා විදුලි පනතේ 8(1) වගන්තිය අනූව ජාතික වැදගත්කමක් ඇති අවස්ථාවක ක්‍රියා කිරීම සදහා අවශ්‍ය බලය විදුලිබල මණ්ඩලය වෙත ලබාදීමට විෂය භාර අමාත්‍යවරයාට හැකියාව තිබෙන බවය.

එසේම විදුලි ඉංජිනේරු සංගමය ඉල්ලන අනීතික ඉල්ලීම ඉටුනොකල යුතු බවත් එම ලිපියේ අවධාරණය කර ඇත.

අදාල ලිපිය පහත දැක්වෙයි.

IMG 20190516 130053

IMG 20190516 130108

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න