IS සම්බන්ධතා මත පොහොට්ටුවේ අපේක්ෂකයා අත්අඩංගුවට !

IS සම්බන්ධතා මත පොහොට්ටුවේ අපේක්ෂකයා අත්අඩංගුවට !

අන්තවාදී සහ ත්‍රස්ත කටයුතු දියත්කළ පාර්ශවයන් සමඟ කටයුතු කිරීම ගැන තොරතුරු වාර්තා වී ඇති පොහොට්ටු පක්ෂයේ ක්‍රියාකාරිකයකු සහ කෝටිපති ව්‍යාපාරිකයකු වන එම්. ඉසෙඩ්. එම් . රිස්වාන් (MZM ) රිස්වාන් නැමැත්තාව ඊයේ (15) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

වත්තල මාබෝලේ ප්‍රදේශයේ පදිංචි මොහු ඊයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් වන අතර එහිදී මෙරට භාවිතා නොකරන ජර්මනියේ නිෂ්පාදිත පිස්තෝලයක් සහ උණ්ඩ තොගයක්ද සැකකරු ළඟ තිබී අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වෙයි.

තවද මොහු සතුව ඔහුගේම ඡායාරූපයට නම් දෙකකින් විදෙස් ගමන් බලපත්‍ර දෙකක් තිබී හමුවී ඇති අතර එම විදෙස් ගමන් බලපත්‍ර දෙක වැඩිදුර පරීක්‍ෂණ සඳහා ආරක්ෂක අංශ බාරයට ගෙන ඇති බවත් මෙම විදෙස් ගමන් බලපත්‍ර දෙක උපයෝගී කරගනිමින් සැකකරු ඩුබායි ඇතුළු විදෙස් රටවල් ගණනාවකට ගොස් ඇති බවත් වාර්තා වෙයි.

දේශපාලනය පොහොට්ටුවේ !

මෙම රිස්වාන් නැමැත්තා පොහොට්ටු පක්ෂයේ මාබෝල කොට්ඨාසයේ සංවිධායකවරයා මෙන්ම පසුගිය 2018 පළාත් පාලන මැතිවරණයේදී වත්තල – මාබෝල නගර සභාවට මාබෝල කොට්ඨාසයෙන් ඉදිරිපත්වූ පොහොට්ටු පක්ෂයේ අපේක්ෂකයාද විය.

M.Z.M Rzwaan 2019.05.16 2

සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා මාබෝල ප්‍රදේශයේ මහල් තුනකින් යුත් සුවිසල් නිවෙසක සහ ඒ අසල පිහිටි තවත් සුඛෝපභෝගී නිවෙසක හිමිකරුවකු බවත් ඔහුගේ බිරියන් දෙදෙනා සහ දරුවන් මෙම නිවාසවල පදිංචිව සිටින බවත් ආරක්ෂක අංශ ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

තවද 2009 වසරේදී වත්තල ප්‍රදේශයේ ත්‍රිරෝද රථයක් පදවා ජීවිකාව ගෙන ගොස් ඇති මේ පුද්ගලයා මේ වනවිට නැව් භාණ්ඩ ප්‍රවාහන ආයතනයක (කාගෝ) හිමිකරුවකු බවත් ආණමඩුව ප්‍රදේශයේ කන්ටේනර් අංගණයක්ද පවත්වාගෙන යන බවත් පරීක්‍ෂණවලින් හෙළි වී ඇත.

ත්‍රිරෝද රථ රියැදුරකු ලෙස ජීවිකාව ඇරඹූ මොහු වසර කීපයකින් කෝටිපති ව්‍යාපාරිකයකු බවට පත්වූයේ කෙසේද යන්න හෙළිකර ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් සිදුවන බවත් දැනගන්නට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න