Language Switcher

V2025

ෆොන්සේකාට නීතිය හා සාමය අමාත්‍යාංශය දෙන්න : එජාපෙ පෙත්සම අගහරුවාදා සිරිසේනට !

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස පත්කරන ලෙස ඉල්ලා පෙත්සමක් ලබන අඟහරුවාදා ජනාධිපති සිරිසේන වෙත භාරදීමට නියමිතය.

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මරසිංහ සඳහන් කර ඇත්තේ එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් 98 දෙනෙකු විසින් අත්සන් කරන ලද පෙත්සම පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

මෙම පෙත්සම ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් නිල හමුවක් ලබාදී නැත.

එහෙත් පාර්ලිමේන්තු සංකීර්ණයේ අගහරුවාදා පැවැත්වෙන කැබිනට් රැස්වීම සඳහා පැමිණෙන විට එය ජනාධිපතිවරයා වෙත භාරදීමට බලාපොරොත්තු වන බවද ඔහු පවසා ඇත.

කලක් හමුදාපති ධුරයෙහි කටයුතු කළ සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා නීතිය සහ සාමය අමාත්‍යවරයා ලෙස පත් කරන ලෙස ජනාධිපතිවරයා වෙත ඉල්ලා සිටීමේ ව්‍යාපාරයේ කොටසක් ලෙසින් මෙම පෙත්සම බාර දෙනු ලැබේ.

පසුගිය ඔක්තෝබරයේ එක්සත් ජාතික පෙරමුණ රජය නෙරපා හරින ලද අවස්ථාවේ සිට ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යංශය යටතේ පොලිස් දෙපාර්තමේන්තුව පවත්වා ගෙන යයි.

ව්‍යස්ථාවෙහි 19 වැනි සංශෝධනය ජනාධිපති විසින් පොලිස් දෙපාර්තමේන්තුවෙන් රඳවා තබා ගැනීම නීති විරෝධී බව එක්සත් ජාතික පෙරමුණ පවසන අතර එය නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය යටතට ගෙන ආ යුතු බව අවධාරණය කරයි.

ෆීෂල් මාර්ෂල් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා නීතිය හා සාමය ඇමති වශයෙන් පත් කිරීම හා නීතිය හා සාමය පිළිබඳ අමාත්යාංශය යටතේ පොලිස් දෙපාර්තමේන්තුව ගැසට් කිරීම සඳහා එක්සත් ජාතික පෙරමුණ අවස්ථා ගණනක දී කළ ඉල්ලීම් බොහෝමයක් ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.