මහින්දගෙන් සිරිසේනට සහතිකයක් !

මහින්දගෙන් සිරිසේනට සහතිකයක් !

ජනපති සිරිසේන එක් ධුර කාලයක් වෙනුවෙන් බලයට පැමිනි හෙයින් ඉදිරියේදි පැවැත්විමට නියමිත ජනපතිවරණය ඔහු කල් නොදමනු ඇතැයි තමන් සිතන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ පවසයි.

අද (21) පෙරවරුවේ කොළඹ පාසල්වලට ගොස් ආරක්ෂක තත්ත්වය සොයා බැලීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදි මාධ්‍ය විමසා සිටියේ ජනපතිවරණය කල් දැමීමේ සූදානමක් ඇතිද යන්නයි.

එයට පිළිතුරු දුන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසා සිටියේ “එයා එහෙම කරන එකක් නෑ. එයි එක පාරකටනේ ආවේ. එහෙම කල්දාන්න සූදානම් ජනපතිවරයෙක් නෙමෙයි කියලයි මම හිතන්නේ" කියාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න