සහරාන් ඉන්දියාවට පැනලා නෑ : මියගිහින් : DNA සාක්ෂි තහවුරු කරයි !

සහරාන් ඉන්දියාවට පැනලා නෑ : මියගිහින් : DNA සාක්ෂි තහවුරු කරයි !

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරුවූ ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් හාෂිම් ඉන්දියාවට පළාගිය බවට යුදහමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක පසුගියදා සිදුකළ අනාවරණය අභියෝගයට ලක්ව තිබේ.

ඒ කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදි මරාගෙන මැරුණු බෝම්බකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු වූ ජාතික තව්හීත් ජමාත් ත්‍රස්ත සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් හෂීම් ගේ බවට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව තහවුරු කර ඇති නිසාය.

ඩී.එන්.ඒ. පරීක්ෂණය හරහා මේ බව සනාථ කරගෙන ඇති අතර ඒ සදහා මොහොමඩ් සහරාන්ගේ බිරිඳගේ, දියණියගේ හා සහෝදරියකගේ ජීව නියැදි යොදාගෙන දින ගණනාවක් තිස්සේ අදාල පරීක්ෂා කිරීම් සිදුකළ බවත් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම පරීක්ෂණයට අදාළ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තාව අද (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමට නියමිතව ඇති බවත් වාර්තා වෙයි.

කෙසේ වුවත් මීට පෙර හමුදාපති මහේෂ් සේනානායක පවසා සිටියේ සහරාන් හාෂිම් ඉන්දියාවට පළාගිය බවට තොරතුරු ලැබී ඇති බවය. දෙස් විදෙස් මාධ්‍ය හමුවේ ඔහු මේ බව සදහන් කල අතර එහිදී මෙසේද පැවසීය.

සහරාන් ඉන්දියාවේ - හමුදාපති

"ලැබෙන යම් තොරතුරු වාර්තා අනුව තමයි කියන්නේ. ඉන්දියාවේ ගියපු තැනක් ගත්තොත් මං කියනවා බැංගලෝර් කියලා. මං කියලා තියනවා කාශ්මීර් කියලා. මම දකුණු ඉන්දියාවේ කොටසක් කේරළය කියලා කියලා තියනවා"

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න