ධම්මික පෙරේරා කියන්නේ කැසිනෝ මුදලාලියෙක් - එස්.බී කට අරියි !

ධම්මික පෙරේරා කියන්නේ කැසිනෝ මුදලාලියෙක් - එස්.බී කට අරියි !

මීළඟ ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයකු ලෙස ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ඉදිරිපත් වනු ඇති බවට සමාජ මාධ්‍ය ජාල අතර ප්‍රචාරයක් යමින් තිබේ.

මේ සම්බන්ධව ගැටඹේ රාජෝපවනාරාමාධිපති සිරිවිමල හිමියන් හමුවී දේශපාලන තත්ත්වය ගැන සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක ගිය අවස්ථාවේ අවධානයට යොමුව තිබේ.

ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය ආර්. ඩබ්ලිව්. රණසිංහ විසින් ඒ ගැන විමසූ අවස්ථාවේය. එහිදී ඔහු සදහන් කරන්නේ ධම්මික පෙරේරා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවකදී ජනාධිපතිවරණ පොදු අපේක්ෂකත්වය ගැන කැමැත්ත පළකර ඇති බවට පළවන ප්‍රචාරය ගැනය.

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක පවසා සිටියේ ධම්මික පෙරේරා යනු ප්‍රකට සුදු කාරයෙක් බවයි. එසේම ඔහු කැසිනෝ ව්‍යාපාරිකයකු බවත් ඔහු පැවසීය.

ධම්මික පෙරේරා මහින්ද රාජපක්ෂ සමග නම් ප්‍රශ්නයක් නෑ !

එහි සිටි භික්ෂූන් මෙන්ම මහාචාර්යවරයා එස්.බී. මන්ත්‍රීවරයාගේ පිළිතුර සමග සිනාසෙන අයුරු මාධ්‍ය වාර්තා හරහා දක්නට ලැබිණ. එහෙත් රාජපක්ෂ රෙජීමය පාලන සමයේ කෝටිපති ව්‍යාපාරිකයකු වූ ධම්මික පෙරේරා ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කල බව ඔවුන් පහසුවෙන් අමතක කර තිබූ බවක් පෙනෙන්නට තිබිණ.

සුමතිපාල ශ්‍රිලනිප නිසා ප්‍රශ්නයක් නෑ !

එසේම ප්‍රකට බුකී සූදු ව්‍යාපාරිකයකු වූ තිලංග සුමතිපාල ශ්‍රිලනිප ජාතික ලයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට ගැනීමට ජනාධිපති සිරිසේන කටයුතු කල බවත් එසේම අග්‍රාමාත්‍යවරයාට අවස්ථාව නොදී සුමතිපාල මන්ත්‍රීවරයාව ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම් සදහා පවා කැදවා ගෙන තිබීම වැනි කරුණු ගැන එහිදී අවධානයක් යොමුවූයේ නැත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න