රවී ගියේ මැයි 6 : අද පාසැල් ගිය මහින්දට - එජාපෙන් දැඩි විවේචනයක් !

රවී ගියේ මැයි 6 : අද පාසැල් ගිය මහින්දට - එජාපෙන් දැඩි විවේචනයක් !

රාජපක්‍ෂලාගේ බල තණ්හාව මේ වන විට මෙරට පාසල් සිසුන්ගේ ජීවිත මැදින්ද දියත් කර ඇති බවට එක්සත් ජාතික පෙරමුණ චෝදනා කරයි.

ඔවුන් පෙන්වා දෙන්නේ රට අස්ථාවර කිරීමේ අපේක්ෂාව ඇතිව නිතර ඇගිලි ගනින රාජපක්ෂලා පාස්කු ප්‍රහාරයෙන් පසුව ආරක්ෂක අංශ පවා සහතික කර තිබියදී මැයි 06 වනදා දරුවන් පාසල් වෙත නොයැවීමට බොරු බොම්බ බියක් ඇතිකරවූ බවයි.

ඒ හේතුවෙන් දරුවන්ගේ පාසල් අධ්‍යයන කටයුතු සති ගණනක් අඩාල වූ බවත් පසුව දේශපාලන වාසි ගැනීමේ නින්දිත චේතනාවෙන් අද (21) ආරක්ෂක භටයන් සමූහයක් පිරිවරාගෙන ගොස් පාසල් කිහිපයක් අවට බොරු සංදර්ශනයක් පැවැත්වූ බවත් එක්සත් ජාතික පෙරමුණ චෝදනා කරයි.

ඔවුන් සදහන් කරන්නේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විසින් ආරක්ෂක භටයන් සමූහයක් පිරිවරාගෙන පාසල් වටේ ඔවුන් රදවා තමන් සහතික කරන නිසා පාසල් එන්න වැනි බාල දේශපාලනයක් ලංකා ඉතිහාසයේ කිසිදු ජාතික තලයේ නායකයකු කර නොමැති බවය.

මැයි 6 මුලින්ම පාරට බැස්සේ රවී ඇමතිතුමා !

FB IMG 1558433333436

එහෙත් එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක අමාත්‍යවරයා පාස්කු ප්‍රහාරයෙන් පසුව පාසල් ආරම්භ කළ මැයි 06 වනදා පාසල් ඉදිරියට ගියේ අමාත්‍ය ආරක්ෂකයින් පවා නොමැතිව බවත්, එහෙත් පාස්කු ප්‍රහාරයෙන් භීතියට පත්වූ දෙමාපියන් ව රාජපක්ෂ හිතවාදී මාධ්‍ය පවා බොරු බෝම්බ භීතියකින් වෙලාලූ බැවින් දරුවන් පාසල් ඒම ප්‍රතිශතයක් ලෙස අඩුව තිබූ බවත් එජාපෙ පෙන්වා දෙයි.

වැඩිදුරටත් ඔවුන් සදහන් කරන්නේ ආණ්ඩුවේ කවර බල අපේක්ෂා තිබුණත් ඒ කිසිවකදී මෙරට අනාගතය භාරගන්නට සිටින අහිංසක දරුවන් ඊට භාවිත නොකරන බවයි.

දරුවන් සිටින අමාත්‍යවරයා පාරට බැස්සා - දෙමාපියන් රාජපක්ෂ ලනු ගිල්ලත් දරුවන්ට ගිල්වන්න එපා - එජාපෙ මන්ත්‍රීවරයෙක්

මේ සම්බන්ධව අප සමග අදහස් දැක්වූ එජාපෙ මන්ත්‍රීවරයෙක් වඩාත් සංවේදී වෙමින් මෙසේ අදහස් දැක්වීය.

" කොළඹ තමයි වැඩිම අවධානමක් තිබුණේ. නමුත් ආරක්ෂක අංශ සහතික කළ පසුව මැයි 06 වනදා පාසල් ආරම්භ කරන්න අධ්‍යාපන අමාත්‍යවරයා තීරණය කරලා දැනුම් දුන්නා.

අපේ පක්ෂයේ උප නායක රවී කරුණානායක අමාත්‍යවරයා කොළඹ පාරට ඇවිත් උදෑසන සහතික කළා දරුවන් පාසල් එවන්න, ඇමැති ආරක්ෂකයින් නැතුවත් කොළඹ වීදි දිගේ ඇවිදින්න හැකි ආකාරයට ආරක්ෂාව තහවුරුයි කියලා.

ඔය ගමන වෙන කෙනෙකු ගිහින් හරියන්නේ නෑ. රවී ඇමතිතුමා දරුවන් තිදෙනකු ඉන්න තාත්තෙක්. වෙන කෙනෙක් ආවනම් කියයි, කෝ ඔය ආව කෙනාට දරුවෙක් පවා නෑ කියලා . අන්න ඒ වගේ අපහාස වලිං තමයි රාජපක්ෂලා දේශපාලනය කරන්නේ.

ආරක්ෂාව තහවුරු නැත්නම් රවී කරුණානායක ඇමතිතුමා පාරට එන්නේ නෑ. ඔහු බොරුවට පාරට ආවෙත් නෑ. මහින්ද රාජපක්ෂ වගේ STF හෝ ජනාධිපති ආරක්ෂක අංශ සාමාජිකයන් රවී ඇමතිතුමා සමග හිටියේ නෑ. ඔහු පෙන්නුවා මමත් දරුවන් ඉන්න තාත්තෙක් , ත්‍රස්ත මර්දනයට වගේම ආරක්ෂාව තහවුරුයි, ඒ නිසා දරුවන් පාසල් එවන්න කියන පණිවිඩය. එදා ආරක්ෂාවම තමයි අදත් පාසල් ළඟ යොදා තිබුනේ.

නමුත් රාජපක්ෂලා ඒක යටගහන්න බොහෝම සිල්ලර සහ නින්දිත ප්‍රචාරයක් දියත් කළා. අද බෝම්බයක් හෙට බෝම්බයක් කියලා දෙමාපියන් රැවව්වුවා, බය කළා. අපේ අඩුපාඩුව සංදර්ශන නැති එක වෙන්න පුලුවන්. නමුත් මම දෙමාපියන්ගෙන් ඉල්ලන්නේ ඔයාලා රාජපක්ෂ ලනු ගිල්ලට දරුවන්ට ගිල්වන්න එපා. අමතක කරන්න එපා , රාජපක්‍ෂලා ළමා දූෂණයට චෝදනා ලැබූවන් ආරක්ෂා කරලා ප්‍රාදේශීය සභා වල සභාපති කරපු බව.

බාල දේශපාලනය එපා මහින්ද - හර්ෂ

මේ අතර අමාත්‍ය හර්ෂ ද සිල්වා ද සිය ට්වීටර් ගිනුමේ සටහනක් තබමින් බාල දේශපාලනය කිරීම සම්බන්ධව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ වෙත චෝදනා කර ඇත.

එසේම තම නිවස ඉදිරිපිට ඇති මාර්ගයේ මංතීරු හතරම වසා ඇති බවත් අවම වශයෙන් එම මාර්ගය හෝ විවෘත නොකරන්නේ මන්දැයි ඔහු විපක්ෂ නායකවරයාගෙන් ප්‍රශ්න කරයි.

එය පහත දැක්වෙයි.

60873354 2468462013440074 3005570645762244608 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න