රිෂාඩ්ගේ විශ්වාසභංගය හමුවේ : ශ්‍රිලනිපය යළිත් වැනෙයි !

රිෂාඩ්ගේ විශ්වාසභංගය හමුවේ : ශ්‍රිලනිපය යළිත් වැනෙයි !

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට හා ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විශ්වාසභංගයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායම රට වෙනුවෙන් ගත හැකි හොදම තීන්දුව ගන්නා බව එම පක්‍ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර පවසයි.

මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉතා නිවැරදි තීන්දුව ගන්නා බව කී මහලේකම්වරයා එය කුමක්ද යන්න අවසාන මොහොතේදී දැක ගත හැකි වනු ඇතැයි ද සදහන් කරයි.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (21) පැවති මාධ්‍ය හමුවක් අමතමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා තවමත් විශ්වාසභංගය න්‍යාය පත‍්‍රයට ඇතුළත් කර හෝ ඡන්ද විමසීම පවත්වන දිනයක් ගැන තීන්දු කර නොමැති නිසා තීරණයක් ගැනීමට හදිසි විය යුතු නැතැයි ද පවසා ඇති අතර ජනතා විමුක්ති පෙරමුණ රජයට එරෙහිව ගෙනැවිත් තිබෙන විශ්වාසභංගයේ ඇති කරුණු හෝ තම කණ්ඩායම මෙතෙක් නොදන්නා බවද පවසා තිබේ.

මෙම විශ්වාසභංග සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ කෙසේ ද යන්න ගැන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අවබෝධයකින් යුතුව කටයුතු කරන බව කී මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් ඊයේ (20) දිනයේදීත් පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායම සාකච්ඡා කළ බවද සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න