මධුමාධ පොලිසිය දැක්කත් බයෙන් වෙව්ලයි : ගෝඨා ක්‍රමයට නිදහස පතයි !

මධුමාධ පොලිසිය දැක්කත් බයෙන් වෙව්ලයි : ගෝඨා ක්‍රමයට නිදහස පතයි !

පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද නීතිවිරෝධීව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමටත් නඩු පැවරීමටත් එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුකරයක් ගොනු කර ඒ හරහා ඔහු නීතිවිරෝධීව අත්අඩංගුවට ගැනීම වළක්වන වාරණ ආඥාවක් තබා ගැනීමට පිවිතුරු හෙළ උරුමය කටයුතු කරමින් සිටින බව එම පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක ප‍්‍රකාශ කරයි.

අද (21) එම පක්ෂයේ ප්‍රධාන කාර්‍යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

පොලිසිය කි‍්‍රයාකරමින් සිටින ආකාරය පිළිබඳව කිසිදු විශ්වාසයක් නොමැති බැවින් මෙසේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරන බවත් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ යුතු පැමිණිල්ල මේ වනවිට කෙටුම්පත් කරමින් සිටින බවත් එහිදී ඔහු පැවසීය. මිනුවන්ගොඩ සිදුවු ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළ ප‍්‍රශ්න කිරීම්වලට කැඳවනු ලැබූ පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද පොලිසිය මඟහරමින් සිටින බවට පොලීසිය ප‍්‍රකාශ කරන බවට පසුගියදා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වාර්තා කර තිබුණ නමුත් ඔහු පොලිසියට ගියේ යැයි ද හෙතෙම සඳහන් කළේය.

2019.05.13 වන දින දිවුලපිටිය ප‍්‍රදේශයේ සිටි නාලක නම් හිතවතකුගෙන් මධුමාධව අරවින්ද මහතාට දවල් 12.30 ට පමණ දුරකතන ඇමතුමක් ලැබුණු බවත් ඒ අනුව නාලක හමුවීම ප.ව 7.00 ට නාලකගේ කාර්යාලයේ දී යොදා ගෙන ඇති බැවින් එහි යද්දී සිද්ධියට මුහුණ දී ඇති බවත් පැවසීය.

එමෙන්ම ඊට අදාල cctv දර්ශන ද තිබෙන බවත් ඔහු පවසා සිටියේය.

ප්‍රකාශයක් ගන්න එන්න කිව්වත් ආවේ නෑ - පොලිසිය

මේ අතර පොලිස් ආරංචි මාර්ග සදහන් කරන්නේ මැයි 16, 19, 20 යන දිනවල ප්‍රකාශයක් ලබාදීමට මිනුවන්ගොඩ පොලිසිය වෙත පැමිණෙන ලෙස මධුමාධව අරවින්ද වෙත දන්වා ඇති නමුත් ඔහු පැමිණ නැති බවය.

මීට පෙර එනම් 16 වනදා මධුමාධව පැය කිහිපයකට පොලිසිය වෙත පැමිණි බව පවසන නමුත් ඊට පසුව කිසි අවස්ථාවක පොලිසිය වෙත පැමිණ නැත.

මේ අතර විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග සදහන් කරන්නේ මධුමාධව අරවින්ද පොලිසිය වෙත ඉදිරිපත්වීමට දැඩි බියකින් පසුවන බවය.

එනිසා ගෝඨාභය රාජපක්ෂ මෙන් අත්අඩංගුවට ගැනීම වලක්වාලමින් නියෝගයක් අපේක්ෂාවෙන් ඔහු සිටින බව එම ආරංචි මාර්ගද සනාථ කරයි.

වැරැදි නැත්නම් බය ඇයි ?

එමෙන්ම එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරන්නේ ජාතිවාදී කෝලාහලයක් වෙනුවෙන් මාරාන්තික ලෙස කතා සාප්පු හරහා වචන හලන මේ පාර්ශව අවම වශයෙන් පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබාදීමට තරම් හෝ ධෛර්යයක් නොමැති බවත් ඔවුන්ගේ වචන විශ්වාස කර නිකරුණේ අමාරුවේ වැටෙන අහිංසක මිනිසුන් මේ යථාර්ථය අවබෝධ කරගත යුතු බවත් ය . එසේම වරදක් කර නොමැති නම් පොලිසියට කැදවූ විට මෙවැනි බියක් ඇතිවීම සැකසහිත බවත් එම ආරංචි මාර්ග සදහන් කරයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න