Language Switcher

V2025

DIG නාලකට ඇප හිමිවේ : නාමල්ගේ හඩපට තවමත් නෑ !

වසරක පමණ කාලයක් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් අද (21) ඇප මත මුදා හැර තිබේ.

අනුව රුපියල් 25000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට කොළම මහේස්ත්‍රාත් රංග දිසානායක නියෝග කළේය.

සැකකරුට විදෙස් ගමන් තහනම් කිරීමටද මහේස්ත්‍රාත්වරයා කටයුතු කළේය.

ජනාධිපති සිරිසේන හා ආරක්‍ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝටාභය රාජපක්‍ෂ ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කලේ යයි චෝදනා මත අත්අඩංගුවට ගත් ඔහු රක්‍ෂිත බන්ධනාගත කර තිබින.

ඊට අදාල චෝදනා එල්ල කර සිටියේ දූෂණ විරෝධී බලකායේ කියාගත් නාමල් කුමාර නැමැත්තා පැවැත්වූ මාධ්‍ය හමු කිහිපයක් ය.

එහිදී ඔහු නාලක සිල්වා ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය අවස්ථාවේ පටිගත කළ හඩපට ඇති බව කියා සිටි අතර පසුව ඒවා මැකීගොස් ඇතැයි පැවසීය.

එහිදී මැකීගිය හඩපට සිංගප්පූරු යවා නැවත සකස් කල නමුත් ඒ කිසිවක නාලක සිල්වා ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් සූදානම් කරන බවත් තිබුණේ නැත.

එහෙත් නාමල් කුමාර ගේ ප්‍රකාශ හමුවේ නාලක සිල්වා ගේ සේවයද අත්හිටුවා තිබේ. එපමණක් නොව 2018 ඔක්තෝබර් 26 දියත් වූ ව්‍යවස්ථා විරෝධී දේශපාලන කුමන්ත්‍රණය සාධාරණීකරණය කිරීමටත් ජනාධිපති සිරිසේන උත්සාහ කළේ නාමල් කුමාරගේ මේ පදනමක් නැති මාධ්‍ය සංදර්ශනය.