සිරිසේන චීනයට ගියේ ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩ රුවන්ට පවරලා !

සිරිසේන චීනයට ගියේ ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩ රුවන්ට පවරලා !

ජනාධිපති සිරිසේන චීනයේ සංචාරය සඳහා පිටත්ව යද්දී ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩ බලන අමාත්‍යවරයා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන පත් කළද නීතීය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ වැඩ බැලීමට අමාත්‍යවරයෙකු පත් කර නැත.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන කටයුතු කළ අතර ඒ යටතේ ඇති ප‍්‍රධානතම රාජ්‍ය ආයතනය වන්නේ ශ‍්‍රී ලංකා පොලීසියයි.

ඒ අනුව මේ වන විට ශ‍්‍රී ලංකා පොලීසියට උපදෙස් දීම සඳහා දේශපාලන නායකත්වයක් නැත.

මීට හේතු වී ඇත්තේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශ විෂය ක්ෂේත‍්‍රයට අදාළව රාජ්‍ය අමාත්‍යවරයෙකු හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙකුද නොසිටීමය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන චීනයේ බීජීං නුවර ජාත්‍යන්තර සමුළුවකට සහභාගි වීම සඳහා මැයි 13 වන දින මෙරටින් පිටත් වීමට පෙර වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රුවන් විජේවර්ධන මහතා පත් කළද අදාල පත්වීම සඳහාද නීතිමය වලංගුභාවය ලැබෙන ගැසට් නිවේදනයක් නිකුත් කර නැත.

අනිද්දා කළ විමසීමකදී ජනාධිපති මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ධර්ම ශ‍්‍රී බණ්ඩාර පවසා සිටියේ මැයි 13 වන දින වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් කරන අවස්ථාවේදී ජනාධිපතිවරයාගේ අත්සන සහිත ලිපියක් රුවන් විජේවර්ධන මහතාට ලබා දුන් බවත් එම ලියුම ප‍්‍රමාණවත් වන බවත්ය. නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයට කිසිවෙකු පත් කළාද නැද්ද යන්න පිළිබඳව තමා කිසිවක් නොදන්නා බවද ඔහු කීය. x

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න