දහම්ට විස්කි, වොඩ්කා සමග: රජ මගුලක් !

දහම්ට විස්කි, වොඩ්කා සමග: රජ මගුලක් !

මත්පැන් විරෝධී දැඩි ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේනගේ විවාහ මංගල උත්සයට පැමිණි ආරාධිතයන්ට විස්කි හා වොඞ්කාවලින් සංග‍්‍රහ කර තිබේ.

පසුගිය මැයි 09 වැනිදා කොළඹ හිල්ටන් හෝටලයේ එම්පයර් බෝල්රූම්හි පැවති විවාහ මංගල උත්සවයේදී එම මත්පැන් සංග‍්‍රහය කර ඇත.

අධික මිලෙන් යුත් ග්ලෙන්මොරන්ජි සින්ගල් මෝල්ට් විස්කිද, බෙල්වෙඩෙරේ වොඞ්කා, රතු හා සුදු වයින්ද මෙහිදී සංග‍්‍රහ කර තිබේ.

අමුත්තන් 550ක පමණ පිරිසක් එම විවාහ උත්සයට ආරාධනා ලැබ සිට අතර ප‍්‍රධාන දේශපාලන චරිත ඒ අතර නොසිටීම කැපී පෙනී තිබේ. මේරියන්ස් සංගීත කණ්ඩායම සංගීතය සපයා ඇත. එම විවාහ උත්සවයේ දර්ශන පිටතට යෑම වැළැක්වීම සඳහා උත්සවය පැවති ශාලාවේ හා ඒ අවට සියලූ සීසීටීවී කැමරා ක‍්‍රියා විරහිත කර තිබී ඇත. එමෙන්ම එම ශාලාවේ සංග‍්‍රහ හා අනෙකුත් කටයුතුවලට කැඳවා සිටි සේවකයන්ට ජංගම දුරකථන තහනමක්ද පනවා තිබී ඇත.

ජනාධිපතිවරයා මංගල උත්සවයේ නැකැත් පැවති පෙරවරුවේ ශාලාවට පැමිණ ඉන්පසු පිටතට ගොස් නැවත දිවා ආහාරය සඳහා ශාලාවට පැමිණ ඇත. මංගල උත්සවය එදින සවස 4.30 දක්වා පවත්වා තිබේ.

ජනාධිපතිවරයා ඔහු විසින් පවත්වන රාජ්‍ය උත්සවවලදී මත්පැන් ලබාදීම නොකරන අතර ඔහුට ආරාධනා කරන උත්සවලද මත්පැන් ලබාදීමක් නොකළ යුතු බව දැනුම් දෙයි. විශේෂයෙන් විවාහයන් සඳහා අත්සන් කිරීමට ලැබෙන ආරාධනාවලදී ජනාධිපතිවරයා එම දැනුම්දීම් කරයි.

විවාහ උත්සවයෙන් පසු දහම් සිරිසේන හා ඔහුගේ මනාලිය කොළඹ හිල්ටන් හෝටලයේ මිල අධිකතම කාමරයේ එදින නවාතැන් ගෙන තිබේ. එමෙන්ම ඔහුගේ ආරක්ෂකයන්්ද එදින එහි නවාතැන් ගෙන තිබේ.

දහම් සිරිසේන විවාහ කරගත්තේ ප‍්‍රකට ව්‍යාපාරික ආයතනයක් වූ එල්කාඩෝ සමාගමේ හිමිකරුගේ දියණියය.

ජනාධිපතිවරයා ජාතික වශයෙන් මත්පැත් විරෝධයක් ගෙනගියද ඔහුගේ දියණිය වන චතුරිකා සිරිසේන ඇය විසින් පවත්වාගෙන යන පොළොන්නරුවේ තිදස් අරණ හෝටලයට යහපාලන අණ්ඩුව බලයට පත්වීමෙන් පසු මත්පැන් බලපත‍්‍රයක් ලබාගෙන ඇති බව අනිද්දා පුවත්පතේ මංගල කලාපයෙන් අප විසින් මීට පෙර හෙළිදරව් කරනු ලැබීය. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න