සජිත්ගෙන් භාරකාර ආණ්ඩුවකට සැලැස්මක් !

සජිත්ගෙන් භාරකාර ආණ්ඩුවකට සැලැස්මක් !

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස අග‍්‍රාමාත්‍ය ධුරයට පත්කරමින් භාරකාර ආණ්ඩුවක් ඇති කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සැලසුම් කර ඇති බව වාර්තාවේ.

පවත්නා තත්ත්වය තුළ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය පලූදු වී ඇතැයි හේතු දැක්වීමක් කරමින් සජිත් පේ‍්‍රමදාස යටතේ භාරකාර ආණ්ඩුව ස්ථාපනය කිරීම සැලසුම වී ඇතැයි වාර්තා වේ. භාරකාර ආණ්ඩුව යටතේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ටද ඇමති ධුර ලැබෙනු ඇතැයි දැනගන්නට ලැබේ.

මේ පිළිබඳව අදහස් දැක්වූ එජාපයේ ප‍්‍රබලයෙකු පැවසුවේ එවැනි යටිකූට්ටු වැඩක් පිළිබඳව ආරංචියක් තිබෙන බවය. එහෙත් සජිත් පේ‍්‍රමදාස ඒ පිළිබඳව නිහඬ යැයිද ඔහු ප‍්‍රකාශ කරයි. එජාපයේ මීළඟ ජනාධිපති අපේක්ෂකත්වය සජිත් පේ‍්‍රමදාසට නොලැබෙන බව මත පළවෙන නිසා සජිත් පේ‍්‍රමදාස ජනාධිපතිවරයාගේ නව තීරණය පිළිබඳව සලකා බලන්නට ඉඩ තිබෙන බවද ඔහු ප‍්‍රකාශ කරයි. ජනාධිපතිවරයා ඡුන්ද කල් දමා හෝ තවදුරටත් බලයේ සිටින්නට මේ අවස්ථාවේ උත්සාහ ගනිමින් ඇතැයිද එජාපයද ඉදිරි මැතිවරණ ජයග‍්‍රහණය කිරීම අසීරු බව පිළිබඳව සැලකිලිමත් වෙමින් සිටින නිසා ජනාධිපතිවරයාත් එජාපයේ බොහෝ මන්ත‍්‍රීවරුනුත් මෙම භාරකාර ආණ්ඩු යෝජනාවට කැමති විය හැකි පසුබිමක් ද නිර්මාණය වී ඇතැයි ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

(අනිද්දා )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න